Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
සමේ විශාලතම අවයවය වූ සම සම්බන්ධයෙන් ඇතිවන රෝග තත්ත්ව පිළිබඳ අප බොහෝ විට කරදර වන්නේ ඒවා අනෙක් ආබාධ මෙන් නොව භාහිර පෙනුම තුළින්ද මතු වී රෝගීයාගේ සාමාන්‍ය පෙනුමට පවා බලපෑම් කරන බැවිනි. සාමාන්‍යයෙන් ඇතැම් රෝග බටහිර වෙදකම අනුව සම්පූර්ණයෙන් සුව කළ නොහැකි යැයි පවසන අතර පාලනය කළ හැකි බව පමණක් පවසයි. එයට හේතුව මේ රෝග මතුවීමට බලපාන ගැටලු මුලිනුපුටා දැමීමට බටහිර වෙදකම විසින් තවමත් ප්‍රතිකාර සොයා ගැනීම සඳහා පර්යේෂණ සිදුකොට නොමැති වීමය. නමුත් බටහිර වෙදකම අපේ ඇත්තන්ගේ ජීවිතවලට ඇතුලුවීමට ප්‍රථම පැතිර පැවති සක්දෙවිඳු විසින් දායාද කළ, සෘෂිවරුන්ගේ ප්‍රතිකාර ක්‍රමවේද ,මෙන්ම සිංහල බෙහෙත් එසේත් නැති නම් හෙළ වෙදකම තුළද ඇතැම් රෝග ව්‍යාධීන් සාර්ථකව මැඩලීමේ ප්‍රතිකාර ක්‍රමවේදයක් පැවති වග සඳහන් වෙයි. ආයුර්වේදය පදනම් කරගත් මේ ප්‍රතිකාර ක්‍රමවේදයන් පිළිබඳ බටහිර රටවල් පවා අද සැළකිලිමත් වන බවක් පෙනෙන්නට තිබේ. එවන් එක් රෝග විශේෂයකි. කුෂ්ට රෝග. නමුත් කුෂ්ටයක් නොවන , රක්ත රෝගයකුත් නොවන නමුත් ඒ රෝග යැයි සමහරුන් වරදවා වටහා ගන්නා රෝගයකි සොරයිසිස්.
සියල්ලන්ටම පළමු අපි මේ රෝගය ගැන පවතින වැරදි මතය දුරලමින් සොරයිසීස් කියන්නේ සුව කළ හැකි රෝගයක් බව වටහා ගෙන සිටිමු. සැබවින්ම සොරයිසීස් කියන රෝගයට මුහුණ දුන් බොහෝ දෙනෙක් ඒ ගැන බියට පත් වෙන්නේ මේ රෝගය වෙනුවෙන් බටහිර වෙදකම විසින් සුව කළ නොහැකි යැයි පැවසීමත් සමග විය හැකියි. නමුත් මෙය සම මතු පිටට පමණක් ඖෂධ යෙදීමෙන් සුව කළ නොහැකි යැයි ඔවුන් පවසනවා නම් එය සත්‍යයක්. සොරයිසීස් නැති නම් &කිටිභ* කියා හඳුන්වන මේ රෝග තත්ත්වය සමේ ස්ථර තුනටම ඖෂධ යොදා ක්‍රම ක්‍රමයෙන් සුවපත් කළ යුතු රෝගයක්. නිසි පරිදි භාහිර සමේ සිට සමේ යටම ස්තරය දක්වා ප්‍රතිකාර කිරීමෙන් එය මුලුමණින්ම අඩු තරමේ කිසිම කැළලක් නැතිව සුව කරගත හැකි රෝග තත්ත්වයක් බව කිව යුතුයි. මෙය බෝවනුයේ කෙසේදැයි දැන් අප විමසා බලමු. සැබවින්ම මෙය රෝගියෙකුගෙන් තවත් රෝගියෙකුට බෝවෙන්නක් නොවේ. මෙවන් රෝගියෙකු නිවසේ සිටි පමණින් ,වාහනයක එක අසුනේ ගමන් කළ පමණින් හෝ සිරුරේ ස්පර්ෂ වූ පමණින් මේ රෝගය බෝ වීමක් නැත.
එමෙන්ම මේ වැනි රෝගියෙකු පරිහරණය කළ කිසියම් භාණ්ඩයක් භාවිතකළ පමණින් රෝගය බෝ වීමක් පිළිබඳ සැක කළ යුතු නොවන්නේ මෙතෙක් එවන් සිදුවීමක් සිදුවී නැති අතර එය මුලුමණින්ම රෝගියාගේ ශරීර අභ්‍යන්තරයේ ඇතිවන වෙනස්කම් ඇසුරින් බෝවන තත්ත්වයක් වන බැවිණි. එමෙන්ම මේ රෝගය ජාන මගින් බෝවෙන රෝගයක්ද යන්න සමහරුන්ට සැකයක් ඇති වූ අවස්ථා තිබෙන්නට පුලුවන. නමුත් මේ රෝගයේ විශේෂත්වය වනුයේ එවන් ජාන බලපෑමක් ද නැතිවීමයි පියාට තිබූ පමණින් දරුවන්ට ,මවට තිබූ පමණින් දරුවන්ට මෙන්ම සහෝදර සහෝදරාදීන්ට තිබූ පමණින් පවුලේ අනෙක් කෙනෙකුට මේ රෝගය බෝ වීමක් දකින්නට නැත එහෙයින් ආරය හා සම්බන්ධ කොට මේ රෝගයට බියක් දැක්විය යුතු නොවේ. මේ අප පවසන රෝග තත්ත්වයේ පවතින රෝග ලක්ෂණ කවරේදැයි දැන් අප විමසා බලමු. අපට සමේ යම් තුවාලයක් ඇති වූ විට එය වියලී යාමේදි කබොලු ඇති වී පොතු වශයෙන් ගැල වී යන බව ඔබ දනී. එසේ තුවාලයක් ඇති වී ගැලවී යන පොතු කැබැල්ල එක වතාවක් දෙකක් වනු මිස දිගින් දිගටම පොතු ගැලවී යාමක් නැත. නමුත් මේ රෝගය එනම් සොරයිසීස් ( පොතු කබර ) යන රෝගයේදී එකවරක් දෙවරක් නොව එකම තැනින් නිරතුරුවම පොතු සෑදී වියලෙන විට හැලී යාමක් දකින්නට පුලුවන.
එමෙන්ම මේ පොතු ඇතිවෙන ආකාරයේද වෙනසක් තිබේ. යම් අයුරකින් ඔබේ දකුණු අතේ වැලමිටේ පොතු ගැලවෙමින් රුපියලක තරම් පැල්ලමක් මතු වී යැයි සිතමු. එය එසේ ඇතිවූයේ නම් වම් අතේද එම ස්ථානයේ දකුණු අතේ මෙන්ම පොතු ගැලවෙන තැනක් දකින්න ලැබීම සොරයිසීස් නැති නම් පොතු කබර රෝගයේදී පැහැදිලිව දැකිය හැකි ලක්ෂණයකි. එමෙන්ම මේ රෝගය රක්තයා සහ කුෂ්ට රෝග හා සම්බන්ධ කර සිතීමෙන් වලකින්න. මේ රෝගයේදීත් සමේ යම් කැසීමක් ඇති විය හැකි නමුත් එය රක්තයා හා සම නොවේ. කුෂ්ට රෝගයේදී සමේ රළු කම් ඇතිවනවා මෙන් මෙම රෝගයේද සම ඉරි තැලී පොතු ආකාරයට ගැලවෙන නමුත් එය කුෂ්ට රෝගයෙන් පැහැදිලිවම වෙන් කර හඳුනාගන්නට පුලුවන. සොරයිසීස් රෝගියාට මේ රෝගය උත්සන්න වූ විට අධික ලෙස කේන්ති යෑම සහ දැවිල්ල අත්විඳින්නට සිදුවෙයි. අත්වල ඇති වූ විට කල් පසුවන්නට ඉඩ හැරියහොත් අත්වල අස්ථි විකෘතිවීමක්ද දැකිය හැකිවෙයි සොරයිසීස් ආතරයිටිස් වශයෙන් සමහරු එම තත්ත්වය හඳුන්වති.
හිසේ මතුවෙන සොරයිසීස් නැති නම් පොතු කබර සම්බන්ධයෙන් බොහෝ දෙනා මුලදී සිතන්නට පටන්ගන්නේ ඉස්හොරි කියා වෙන්නට පුලවන. නමුත් ඉස්හොරි මෙන් සොරයිසිස් රෝගයේදී ඉවත්ව යන පොතු සියුම් නොවේ. කුඩු වශයෙන් නොව පොතු වශයෙන් පොතු ගැලවී යාම එහි ඇති ප්‍රධානම ලක්ෂණයයි. හිසේ කැසීම ඉස්හොරි ඇතිවිටක මෙන් දැකිය හැකි අතර සම ගැලවී ඉවත්ව යාම මෙන්ම අධිකව දැවිල්ලක් ඇතිවීම සිදුවන්නේ හිසේ රක්තයා රෝගය මතුවීමෙන් යැයි සමහරු වරදවා සිතති. මෙවන් තත්ත්වයක් ඇති විට පළමුව කළ යුතු කාරණයක් තිබේ. ඒ ඉතාම හොඳින් පිරිසුදුව සිටීමයි. එමගින් සම මත ඇතිවෙන තුවාල විෂ බීජ ආසාදනවලින් ගැලවී සිටින්නට මෙන්ම වැඩි පුර පැතිරෙන්නට ඇති ඉඩ යම් තරමකට පාලනය කරයි. මෙවන් රෝගීන් ගේ ආහාර විහරණ සම්බන්ධයෙන්ද යම් සඳහනක් තැබීම අවශ්‍යය.
යම් රෝගියෙක් පොතු කබර යැයි හඳුන්වන මේ සොරයිසීස් රෝගයෙන් පීඩා අවම කරගන්නට බලාපොරොත්තු වෙනවා නම් පළමුව කළ යුත්තේ තමන් දුම්බීම සහ මත්පැන් බීමෙන් තොර අයෙකු බවට පත්වීමයි. එවැනි පුරුදු ශරීර අභ්‍යන්තරයේ ඇතිවන රසායණික බලපෑම් මේ රෝගයට බලපෑ හැකි බව මතක තබා ගන්න. ඉන් පසුව යම් යම් උෂ්ණ ආහාර සමහරුන්ට රෝගය උත්සන්නවීමට බලපෑ හැකිය. උදාහරණයක් සැලකුවහොත් අන්නාසි සහ බලමාලු රෝගියා හොඳින් සිටි අවස්ථාවේ ආහාරයට ගැනීමට හැකියාව පැවතුණේ වී නමුදු රෝගී වූ පසු ගන්නා විට කැසීම වැනි තත්ත්වයන් මතුකිරීමට බලපෑ හැකිය. එසේ වූ විට එම ආහාර මදකට නවත්වන්න. යැයි උපදෙස් ලැබිය හැකිය. මේ සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඔබට ඇත්නම් දුරකථන අංක 0777248128 සහ 0776735938 යන දුරකථන අංකවලින් වෛද්‍යවරයා ඇමතීමට අද පාඨක ඔබට අවස්ථාව පවතියි. එක් එක් රෝගියාගෙන් රෝගියාට යම් යම් ආහාරවල ඇති සංයෝගයන් අසාත්මිකවීමෙන් වෙනස් ආකාරවලින් බලපෑ හැකි බැවින් ඒවා පිළිබඳ සුළු අවබෝධයක් හෝ ලබා තිබීම වැදගත්ය.
දැන් අප රෝගියාට තිබෙන ප්‍රතිකාර ක්‍රම සම්බන්ධයෙන් විමසා බලමු. රෝගියාගේ යටි සමේ සිට මැද සම ද එයින් අනතුරුව උඩ සම දක්වා වන ස්ථර තුනින්ම මේ රෝගයට තුඩු දෙන සාධක ඉවත් කිරීම කරමින් යළිත් සෑදීම මුලුමණින්ම නවතාලන පරිදි රෝගය සුවපත් කිරීමට මේ වෙදකම් සමත්ය. මේ රෝගය වැළඳෙන්නට හේතුකාර වූ රෝගියාගේ ශරීරයේ රසායණ සංයුතිය වෙනස් කළ ආහාර පාන ඇවතුම් පැවතුම් ඉවත් කරන්නට කටයුතු යොදන අතර ක්‍රම ක්‍රමයෙන් යම් කැපවීමකින් කටයුතු කරමින් රෝගය සුවකරගන්නට ඖෂධ විහරණ පවත්වා ගත යුතුය. සමේ නිරෝගීබව තෙතමනය වෙනුවෙන් ගත යුතු ආහාර පාන සහ බෙහෙත් පිළිබඳව රෝගියා නිසි අවධානය දැක්විය යුතුය. කෙතරම් කල් පසු වුවත් සොරයිසීස් යනු හෙළ වෙදකමින් සුවපත් කළ හැකි රෝගයක් විනා යටපත් කරන රෝගයක් නොවන බව පැහැදිලි කළ යුතුය. මේ සඳහා දැන් ඉතාම සාර්ථක ප්‍රතිකාර ක්‍රම ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමවල පවතින අතර එය රෝගියාත් වෛද්‍යවරයාත් අතර මනා වැටහීමකින් සිදුකෙරෙන ප්‍රතිකාර පංතියකින් කිසිදු සලකුණක් ඉතිරි නොවන සහ නැවත වැලදෙන්නට ඉඩක් නොමැතිව සුව කළ හැකිය. ආරය හෝ සිරුරට කිසියම් විෂබීජයත් ඇතිවීමෙන් මේ රෝග තත්ත්වය ඇතිවී යයි වැරදි වැටහීමකින් පසුවෙමින් ප්‍රතිකාර මග හැර සිටීමෙන් මෙයට විසඳුමක් ලැබිය නොහැකිය.
දිනෙන් දින ආයුර්වේද ප්රතිකාරයන්ද අලුත් වෙමින් පවතින අතර ඒ නව ක්‍රමවේදයන් මේ වන විට යම් යම් රෝග සම්බන්ධයෙන් මුලු ලොවම පිළිගත් මගකට අවතීර්ණවෙමින් සිටී. අවශ්‍ය වනුයේ ඔබ ප්‍රතිකාර ලබන්නේ කවරෙකු වෙත යාමෙන්ද යන්න නොවේ ප්‍රතිකාර ලබන ක්රමයේ පවතින සාර්ථක බවය.දැන් සොරයිසීස් සුවකරන්නට තරම් ශක්‍ර දේවේද්‍රයා මෙලොවට දායාද කළ වෛද්‍ය ක්‍රමය දියුණු වී තිබේ. හෙළ ආයුර්වේදයද දැන් යම් යම් රෝග සදහටම මුලිනුපුටා දැමීමට තරම් දියුණුය. ආයුර්වේද ප්රතිකාරවලින් කවදත් අතුරු ආබාධ නැති සුවයක් ලඟාකරගන්නට හැකියාව පැවති බව ඔබ දන්නවාද?
සටහන- නැලිකා රාජපක්ෂ
popular news
Avishka Thursday, 07 May 2020 10:16 PM
මට ඔබෙන් ප්ර්ශ්නයක් ඇසිය හැකිද
Reply : 0 0
දමිත ප්‍රදීප් ජයසේකර Saturday, 11 July 2020 10:04 AM
මා හට ඇති රෝගී තත්වය පිලිබදව නිවරදිව දැනගැනීමට අවශයී photo එවීම මගින් එය කල හැකිද?
Reply : 0 0
හසිත් හෙට්ටිආරච්චි Monday, 30 November 2020 02:13 PM
වෛද්‍යතුමනි මගේ කකුල් දෙක දැනට දනහිසට පහලට මදක් එනතුරැ කැසිලලක් එක්ක මේ වගේ රෝග ලක්ෂණ යක් ඇත.. චායාරූප එවීම මගින් දැනගත හැකිද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd