Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
අඳ ගොවීන්ද අනෙකුත් ගොවීන් මෙන්ම රටට අවශ්‍ය සහල් ප්‍රමාණය ලබාදීමට බොහෝ කැපකිරීම් සිදුකරන පිරිසකි. එහෙත් එදා සිට අද දක්වා අඳ ගොවීන් සුරක්ෂිත කෙරෙන වැඩපිළිවෙළක් නොමැති බව අඳ ගොවීන්ගේ සංවිධාන සඳහන් කරන කාරණයකි. වර්තමානය වනවිට අඳ ගොවීන්ට විශාල ගැටලු ප්‍රමාණයක් මතුවී තිබෙන බවත්, මේ නිසා සියලුම අඳ ගොවීන් කුමන හෝ ගැටලුවක් හේතුවෙන් දුෂ්කරතාවන්ට පත්ව සිටින බවත් එම පිරිස් පෙන්වා දෙති. මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අද අප ලංකා අඳ ගොවි සංවිධානයේ කැඳවුම්කරු ජයන්ත විජේසිංහ මහතා සමග කතාබහක නිරත විය.
අඳ ගොවි ක්‍රමය
අඳ ගොවි ක්‍රමය කවදා කොතනින් ආරම්භ වුණාද කියලා කිසිම සඳහනක් නැහැ. ඒත් අනාදිමත් කාලයක සිට ධනවතුන්ට අයත් ඉඩම්වල අඳ ක්‍රමයට ජනතාව ගොවිතැන් කටයුතු කරනවා. ප්‍රධාන වශයෙන් අඳ ගොවි ක්‍රමයට සිදු කරන්නේ වී වගාව. වර්තමානය වනවිට ලංකාව තුළ පුද්ගලයන් අසූ දහසකට අධික ප්‍රමාණයක් අඳ ගොවි ක්‍රමය යටතේ වගා කරන බවට වාර්තා වෙනවා. මේ හරහා පුද්ගලයන් ලක්ෂ පහකට අධික පිරිසක් ජීවත් වෙනවා. ඒත් අඳ ගොවි පනතට කලින් කලට ගෙන එන සංශෝධන නිසා වර්තමානය වනවිට අඳ ගොවීන් විශාල වශයෙන් ගැටලු ප්‍රමාණයකට මුහුණ දීලා තියෙනවා.
අඳ ගොවීන් පිරිසක් බිහිවීමට හේතුව
අතීතයේදී ඉඩම්වල අයිතිය තිබුණේ ධනවතුන්ට. රජ සමය ගත්තාම රජු වටා සිටි පිරිස්වලට. මේ නිසා අහිංසක දුප්පත් ජනතාවට ඉඩමේ අයිතිය නොලැබුණ තරම්. කොහොම වුණත් විශාල ඉඩම් හිමියන් දුප්පත් ජනතාවගේ ශ්‍රමය සූරාකමින් වගා කටයුතු සිදුකළා. සමහර ඉඩම් බදු ලබාදීම කළා. මේ අනුව අදාළ ඉඩමේ වගාකටයුතු කරලා, ඉඩමේ කොටස කියලා සමස්ත අස්වැන්නෙන් හතරෙන් එකක් හෝ වෙනත් සාධාරණ ක්‍රමවේදයකට අස්වැන්නෙන් කොටසක් ලබාගැනීම සිදුකරලා තියෙනවා.
මෙම ක්‍රමය අඛණ්ඩව එකම පවුලක පිරිස් විසින් සිදුකිරීම නිසා අඳ ගොවික්රමය ඇතිවෙලා තියෙනවා. කුමන පදනමින් කටයුතු කළත් එදත් ශ්‍රමය සූරාකෑමකට ලක්වෙලා තියෙන්නේ. නිදහසින් පසු බොහෝ දේවල් වෙනස් වෙන්න ගත්තා. මේ අනුව 1958 පෙබරවාරි 01 වැනි දින අංක 01 දරන කුඹුරු පනත සම්මත වුණා. මෙම පනත සම්මත වීමත් සමග අඳ ගොවීන්ට ඉඩමේ අයිතිය ලැබේවි කියලා විශාල බලාපොරොත්තුවක් ඇති වෙලා තියෙනවා. ඒත් අංක 1 පනතින් පවා අඳ ගොවීන්ට සාධාරණයක් ඉටු වුණේ නැහැ.
අඳ ගොවි පනත සංශෝධනය වීම
අඳ ගොවීන්ට සාධාරණයක් ඉටුනොවීම හේතුවෙන් 1958 වසරේදී යම් යම් අර්බුදකාරී තත්ත්වයන් ඇතිවෙලා තියෙනවා. මේ අනුව 1964 වසරේදී 1968 වසරේදී 1970, 1972, 1973, 1979, 1991, 2000 වසරවල්වල යම් යම් සංශෝධන සිදුකරලා තියෙනවා. මේ හැම සංශෝධනයකදීම වැඩි වාසි අත්වෙන්නේ ඉඩම් හිමියාට. අඳ ගොවික්රමය පරම්පරාවෙන් පැවතගෙන එනවා. ඒ වගේම ඉඩමේ අයිතිය පරම්පරාවෙන් ඇවිත් වර්තමානය වනවිට රටේ සමහර දේශපාලනඥයන්ටත් අඳ ගොවීන් වගාකරන ඉඩම්වල අයිතිය ලැබිලා තියෙනවා. මේ නිසා අඳ ගොවීන් අසරණ තත්ත්වයට පත්වන ආකාරයට අඳ ගොවි පනතයට හොර රහසේ වගන්ති එකතු කරනවා.
දේශපාලනඥයන්ට අමතරව පරම්පරාවෙන් පැමිණි ඉඩම් වර්තමානය වනවිට රජය භාරකාරීත්වය දක්වන ඉඩම් පවා තියෙනවා. මේ නිසා අඳ ගොවීන්ට සාධාරණයක් ඉටු කිරීමට රජයට හොඳටම හැකියාවක් තියෙනවා. එහෙම තියෙද්දී සිදුකරමින් තියෙන්නේ දවසින් දවස අඳ ගොවීන් අගාධයට ඇද දමන ආකාරයට නීති සකස් කිරීමයි.
අඳ ගොවීන් මුහුණදෙන ප්‍රධාන ගැටලුව
වර්තමානය සැලකීමේදී අඳ ගොවිපනත ප්‍රසිද්ධියේ සංශෝධනය වෙලා තියෙන්නේ 2011 වසරේදී. එම සමහර සංශෝධන ක්‍රියාත්මක වෙන්නේ වර්තමානයේ ඉඳලා. මේ අනුව අලුතින් අඳ ගොවීන් බවට පත්වන කිසිම කෙනෙකු අඳ ගොවීන් ලෙස පිළිගන්නේ නැහැ. ඒත් 2000 අංක 46 දරන පනතේ 6 I හා II වගන්තිවලින් පැහැදිලිවම සඳහන් වන්නේ අලුතින් අඳ ගොවීන් ලෙස පත්වන සෑම කෙනෙකුම අඳ ගොවීන් ලෙස පිළිගන්නවා කියලා. ඒත් වර්තමානය වනවිට එම නීත්‍යානුකූලභාවය ඉවත් කරලා තියෙනවා.
මේක බරපතළ ගැටලුවක්. මොකද සමහර වැඩිහිටි අඳ ගොවීන් මේ වනවිට විශ්‍රාම සුවයෙන් කාලය ගත කරන්නේ. එම පිරිස් නඩත්තු කිරීමේ වගකීම ඔවුන්ගේ දුවා දරුවන්ට පැවරිලා තියෙන්නේ. දුවා දරුවන් දෙමාපියන්ට වගකීම ඉටුකිරීමට තම අදාළ ඉඩමේ වගා කළයුතු වෙනවා. මොකද බොහෝ දෙනෙකු තම දෙමාපියන් සමග තරුණ කාලයේ ඉඳලම සිදුකරල තියෙන්නේ ගොවිතැන නිසා බොහෝ දෙනෙකුට වෙනත් රැකියාවක් කිරීමට හැකියාවක් නැහැ.
අඳ ගොවි නීත්‍යානුකූල භාවය නොලැබීමේ අවාසිය
අඳ ගොවියෙකු ලෙස පිළිනොගන්නා කෙනෙක් ඕනෑම වෙලාවක ඉඩම් හිමියාට ඉවත් කරන්න පුළුවන්. ඒක ඉතාමත් බරපතළ තත්ත්වයක්. ඒ වගේම පොහොර සහනාධාරය, වගා හානි හා රජයේ අනෙකුත් ආධාර හා පහසුකම් ලබාගැනීමට යාමේදීත් ගැටලු ඇතිවෙනවා.
නීත්‍යානුකූලභාවය නොලැබීම හරහා අඳගොවියා හා ඉඩම් හිමියා අතර සුළු ගැටලුවක් ඇතිවුණත් එය විසඳීමේදී වැඩි වාසි හිමිවන්නේ ඉඩම්හිමියාටයි.
අස්වැන්න බෙදී යෑම
අතීතයේදී අස්වැන්නෙන් හතරෙන් එකක් ඉඩම් හිමියාට ලබාදීලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒත් වර්තමානය වනවිට වගා අක්කරයකින් වී බුසල් 14ත් 20ත් අතර ප්‍රමාණයක් අයකරගන්නා බවට ගොවීන් සඳහන් කරනවා. වගා අක්කරයක් ගත්තම අස්වැන්න ලැබෙන්නේ වී බුසල් 35ක් 40ක් වගේ ප්‍රමාණයක්.
එහෙම බැලුවම අස්වැන්නෙන් හරි අඩක් පමණ ඉඩම් හිමියාට දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. බිම සැකසීමේ සිට අස්වැන්න නෙළා ගන්නා තෙක් සෑම කටයුත්තක්ම සෑම වියදමක්ම සිදුකරන්නේ අඳ ගොවීන්. එහෙම කළත් ඔහුට ලැබෙන්නේ අස්වැන්නෙන් භාගයක් වගේ ප්‍රමාණයක්. මෙතැනදී ගොවියා ගොවිතැන් කරන්නේ තම පවුල්වල පිරිස්වල හා තමාගේ කුසගිනි නිවාගන්න. ඒත් ඉඩම් හිමියන් මේක කරන්නේ ව්‍යාපාරයක් ලෙස. මෙහිදී අවාසනාවට කරුණ වෙලා තියෙන්නේ පාලකයෝ හෝ ඉඩම් හිමියෝ මේ තත්ත්වය තේරුම් නොගැනීමයි.
අඳ ගොවීන් ඉවත් කිරීමේ නීතිය
කුමන තත්ත්වයක් යටතේ හෝ ගොවි ජනසේවා පනතේ වගන්තිවලට අනුව ඉඩම් හිමියා අඳගොවියා ඉවත් කළහොත් එයට එරෙහිව වසරක කාලයක් තුළ ගොවිජන සංවර්ධන කොමසාරිස්ට පැමිණිලි කිරීමට අවස්ථාව ලබාදීලා තිබුණා.
මේ නිසා ලෙඩක් දුකක් නිසා හෝ වෙනත් කරුණක් නිසා ගොවිතැන් සිදුකිරීමට නොහැකි වීම යන කාරණය මත අඳ ගොවිකමෙන් ඉවත් කළොත් එය පැමිණිලි කිරීමට වසරක කාලයක් තිබුණා.
ඒත් නව සංශෝධනවලට අනුව අදාළ කාලය මාස 06ක් බවට පත්කරලා තියෙනවා. මේ නිසා ඉඩම් හිමියාට විශාල වාසි ප්‍රමාණයක් අත්වෙලා ගොවිජනතාවට දැඩි අසාධාරණයක් සිදුවෙලා තියෙන්නේ. මේ නිසා පැමිණිලි කාලය වසරක් දක්වා කඩිනමින් දීර්ඝ කළ යුතු වෙනවා.
කුඹුරු ඉඩම් විකිණීම
අඳ ගොවීන් වගා කරන ඉඩමක් විකුණනවා නම් ඒ පිළිබඳව වසරකට පෙර අඳ ගොවියා දැනුවත් කිරීම තමයි පැවැති නීතිමය තත්ත්වය. මෙතරම් කාලයකට පෙර මේ පිළිබඳව දැනුවත් කරන්නේ අඳ ගොවියාට එය මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා. එහෙත් නව සංශෝධනවලට අනුව එම කාලය මාස 06ක් දක්වා අඩුකරලා තිබෙන්නේ. මේ නිසා අඳ ගොවීන්ට ඉඩම් මිලදී ගැනීමට තිබෙන අවස්ථාව සීමා කරලා තියෙනවා.
අඳ ගොවීන්ට එරෙහි පැමිණිලි කිරීම
යම් අඳ ගොවියෙකු ඉඩම් හිමියාට කුමන හෝ අසාධාරණයක් කළ විට ඒ පිළිබඳව මාස 06ක් තුළ අදාළ බලධාරීන් දැනුවත් කළයුතු වෙනවා. ඒත් නව සංශෝධනවලට අනුව අදාළ කාල සීමා නීතිය ඉවත් කරලා තියෙන්නේ. මේ අනුව වසර 50ක් ගිහිල්ලා වුණත් අදාළ සිද්ධිය පිළිබඳ පැමිණිලි කරන්න පුළුවන්.
අඳ ගොවි අයිතිය
මව, පියා, අඳ ගොවීන් ලෙස කටයුතු කරනවිට ඔවුන් මියගියහොත් හෝ වෙනත් දුබලතාවකට පත්වුණොත් අදාළ අඳ ගොවි අයිතිය දරුවන්ගේ හෝ ඥාතියෙකුට හිමිවනවා. ඒත් වර්තමානය වනවිට එම නීති වෙනස්වෙලා තියෙන්නේ. මෙය අලුත් පරපුරට කරන දැඩි අසාධාරණයක්.
අද ගොවීන්ගේ ඉල්ලීම
වර්තමානයේ පවතින ඉඩම් නීතිරීතිවලට අනුව වසර 10කට අධික කාලයක් ඉඩමේ අයිතිය භුක්ති විඳලා තියෙනවා නම් ඔහුට ඉඩමේ අයිතිය හිමි වෙනවා.
ඒක නිසා රජයේ භාරකාර මණ්ඩල යටතේ හා විදේශ රටවල සිටින ධනවතුන්ගේ අඳ ඉඩම්වල අයිතිය අඳ ගොවීන්ට ලබාදිය යුතු වෙනවා. මොකද සමහර කුඹුරු ඉඩම් අඳ ක්‍රමයට කරන්නේ පරම්පරා හතර පහක ඉඳලා මේ අනුව අඳ ගොවි කාලය වසර සිය ගණක්. ඒ වගේ දැනට ලංකාව තුළ ඉන්න ඉඩම් හිමියන්ගේ අඳ ඉඩම්වලින් භාගයක් අඳ ගොවීන්ට ලැබෙන්න ඕන.
මොකද ඉඩමේ අයිතිය පිළිබඳව වර්තමානයේදී විශාල ලෙස කතාබහ ඇතිවෙලා තියෙනවා. මේ නිසා වර්තමාන ආණ්ඩුව මැදිහත්වෙලා අඳ ගොවීන් කියන සංකල්පය ඉවත් කිරීමට ඉඩමේ අයිතිය ගොවිජනතාවට ලබාදිය යුතු වෙනවා.
popular news
සියදෝරිස් Monday, 06 May 2019 01:44 PM
" වගා අක්කරයක් ගත්තම අස්වැන්න ලැබෙන්නේ වී බුසල් 35ක් 40ක් වගේ ප්‍රමාණයක්. " -ලංකා අඳ ගොවි සංවිධානයේ කැඳවුම්කරු ජයන්ත විජේසිංහ මහතා ලංකාවේ කුඹුරු අක්කරයකින් වී බුසල් 60 - 220 අතර ප්‍රමාණයක් චගා ප්‍රදේශය හා ප්‍රභේදය අනුව පහසුවෙන් ලබා ගන්නවා. මොහු තවත් දේශපාලන අන්ධ (අඳ) ගොවි සංවිධානයක කැඳවුම්කරුවෙකි. අඳ ගොවියන් හෝ ගොවිතැන පිළිබද හැගිමක් දැනීමක් නැති, දත්ත වලින් සර්කස් පෙන්වන චරිතයක් පමණයි.
Reply : 0 3
shan Thursday, 09 May 2019 11:23 AM
මේවගේ අණුවන මිනිස්සසු තමා රටේ ජනතාවට උරුමයන් ලබා දෙන්න යන්නේ මේ වැඩෙන් වෙන්නේ අහිංසක මිනිස්සු කාගෙන් හෝ කුබුරක් අරගන වැඩකරලා ජීවිතේ ගැට ගහ ගන්න එකට කෙලින එක විතරයි අඳයට කිබුරු දීම හිමිකරුවන් විසින් නැවත උව හොත් මුන් එනවද ඒ මිනිස්සුන්ට කන්න දෙන්න කොහෙන් හරි වචන ටිකක් හොයාගන ජනතාව මුල කරලා කරලිට එන්න හදන එකෙක් තමා මේ මුන්ගේ රටට හෝම් ජනතාවට කිසිම සේවයක් නැහැ
Reply : 1 3
තිස්ස මාරසිංහ Sunday, 06 February 2022 04:49 PM
එදා කුඹුරු හිමියා අක්කර දෙක තුනක් තියෙන මිනිස්සු අද වනවිට බෙදිල ගිහිල්ල අක්කර කාලයි බාගයයි ඒකටත් ඉඩම් පනත බලපානව. මේ විදියට බලනව නම් රජයෙ සහ පෞද්ගලික ආයතන වල වැඩ කරන අයටත් එම ආයතන වල කොටස් අයිති විය යුතුයි ඔවුන්ද රටට විසාල සේවයක් කරනව.
Reply : 1 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd