Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
කොතලාවල විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් මේ වනවිට සමාජයේ දැඩි කතාබහකට ලක්ව ඇති අතර, එමගින් අධ්‍යාපනය පෞද්ගලීකරණයේ නව මංමාවත් විවර කරන බව බොහෝදෙනෙක් සඳහන් කරති. 1944 නිදහස් අධ්‍යාපන පනත හරහා නිල වශයෙන් නිදහස් අධ්‍යාපනය ස්ථාපනය වූ අතර, මේ වනවිට එය විවිධ හැලහැප්පීම්වලට ලක්වී තිබේ. පසුගිය වසර කිහිපය තුළ සයිටම් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන්ද මෙවැනිම විරෝධතා මතුවීම හේතුවෙන් එය අහෝසි කිරීමට එවකට සිටි ආණ්ඩුවට සිදුවිය. මේ වනවිට කොතලාවල පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති අතර, ඒ පිළිබඳ විවාදය ඉදිරියේදී පැවැත්වීමට නියමිතය. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පෙරේදා (17දා) කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය එක්ව නිදහස් අධ්‍යාපනය, "මිලිටරි අධ්‍යාපනය කරන කොතලාවල පනත" යන මැයෙන් පැවැත්වූ සංවාදයක් ඇසුරින් මෙම ලිපිය සැකසේ.
කෙසේ නමුත් පෙරේදා (17දා) පස්වරුව වනවිට පැවැති බෞද්ධ උපදේශක සභාව හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනතේ ඇති බාධා ඉවත් කර, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට ගෙන එන බවයි.
නිදහස් අධ්‍යාපනය, "මිලිටරි අධ්‍යාපනය කරන කොතලාවල පනත" යන මැයෙන් පැවැත්වූ සංවාදයේදී දැක්වූ අදහස් පහතින් දැක්වේ.
අධ්‍යාපනය කියන්නේ වෙළෙඳ භාණ්ඩයක් නෙවෙයි - පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය
පසුගිය පාර්ලිමේන්තු සතියේදී මේ පනත පිළිබඳ විවාදය සහ ඡන්දය ගන්න තීරණය කරලා තිබුණත්, විවාදයේ කොටසක් කල් දමන්න ආණ්ඩුව තීරණය කළා. ඒ අනුව ඡන්ද විමසීමත් කල් ගියා. මේ පනතට විරුද්ධව පාර්ශ්ව කිහිපයක් සංවිධානය වෙමින් තිබෙන බව ආණ්ඩුවට දැනුණා කියල තමයි මම නම් හිතන්නේ. නැවත විවාදය පවත්වන දින පිළිබඳ අපිට තවමත් දැනුම් දීලා නැහැ. බොහෝදුරට අගෝස්තු මාසයේ පාර්ලිමේන්තු සති දෙකකින් එකක මේ විවාදය යළිත් පවත්වයි කියලා හිතනවා. කොහොම වුණත් කල් යන්නත් හැකියාව තිබෙනවා.
මේ පනත මුලින්ම ඉදිරිපත් වුණේ 2018දී. මේ පනත සකස් කිරීමේ ක්‍රියාවලිය ඊටත් කලින් සිටම සිදුවුණා කියල තමයි අපිට දැනුම් දුන්නේ. කොහොම වුණත් මේ පනත පළමුවරට 2018දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී එල්ල වුණ විරෝධය නිසා එය විවාදයට හෝ ඡන්දයකට නොගෙන තිබුණා. ඒ කියන්නේ පනත අවලංගු කළේ නැහැ. නමුත් විවාද නොකර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා.
වත්මන් රජය මාර්තු මාසයේදී මෙම පනත දෙවැනි වර කියවීම සඳහා නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මේ පනත ඉදිරිපත් කරන්නේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිසා දෙවැනි වර කියවීමේ විවාදයට පෙර ආරක්ෂක අමාත්‍යාංශ කාරක සභාවට ඉදිරිපත් කරනවා. මේ කාරක සභාවේ මම සමාජිකයෙක් නොවුණත්, මගේ නිරීක්ෂණ මම ලිඛිතවම ඉදිරිපත් කළා. මම ඉදිරිපත් කරපු නිරීක්ෂණවලට කාරක සභාව ආරක්ෂක අමාත්‍යාංශයෙන් ප්‍රතිචාරයක් ඉල්ලා තිබුණා. එයට ප්‍රතිචාර යොමුකර තිබුණේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කමල් ගුණරත්න මහතා. මේ ප්‍රතිචාරයට අවධානය යොමුකරන විට ආණ්ඩුව අධ්‍යාපනය සම්බන්ධයෙන් දරන අදහස් හා ඔවුන්ගේ ක්‍රියාකලාපය තේරුම් ගැනීමට හැකියාවක් තිබෙනවා.
මේ පනත හරහා රජය විසින් මුදල් අය කරන විශ්වවිද්‍යාල පද්ධතියක් බිහිකිරීම සිදුවන බව මගේ එක නිරීක්ෂණයක් වුණා. එයට පිළිතුරු ලබාදෙමින් ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කරන්නේ දැනට අනිකුත් පෞද්ගලික විශ්වවිද්‍යාල හා සසදා බලනවිට කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ අය කරන ප්‍රමාණය ඉතාම සුළු ප්‍රමාණයක් බවයි. ඒ වගේම මේ ආයතනයට භාණ්ඩාගාරයට බරක් නොවිය යුතු බව භාණ්ඩාගාරය දැනුම් දුන් බවද මෙම ආයතනය පාඩු නොලබන ආයතනයක් ලෙස පැවතිය යුතු බවද ඔහු සඳහන් කර තිබුණා. ඒ වගේම අධ්‍යාපනය සඳහා විදෙස්ගත වීමට උත්සාහ කළ පිරිස් කොතලාවල ආරක්ෂක විද්‍යාලය නිසා ලංකාවේ නවතින බවත්, ඒ හරහා මුදල් ඉතිරි කර ගැනීමට මෙන්ම විදේශ විනිමය ඉතිරි කර ගැනීමට හැකියාව ඇති ආයතනයක් බවට මෙය පත්ව ඇති බවද ආරක්ෂක ලේකම්වරයා පිළිතුරු යොමුකර තිබුණා.
නිදහස් අධ්‍යාපනය ගැන අපේ රටේ තිබෙන සාකච්ඡාව දුප්පත් එකක්. අධ්‍යාපනයට මුදල් අය කරනවාද නැද්ද කියන කාරණය ගැන පමණයි නිදහස් අධ්‍යාපනය පිළිබඳව කතා කිරීමේදී කතා කරන්නේ. නමුත් නිදහස් අධ්‍යාපනය කියන්නේ ඊට වඩා එහා ගිය දෙයක්.
අධ්‍යාපනය කියන්නේ වෙළෙඳ භාණ්ඩයක් නෙවෙයි. අධ්‍යාපනය කියන්නේ මුදල්වලට එහා ගිය සමාජ වටිනාකමක් තිබෙන දෙයක් කියා පිළිගන්න නිසා තමයි අධ්‍යාපනය වෙනුවෙන් රජයේ වගකීමක් තිබෙන බවට තර්කයක් ගොඩනගන්නේ. පුද්ගල වර්ධනයට අමතරව මෙහි සමාජ වටිනාකමත් තිබෙන නිසාම අධ්‍යාපනයේ වගකීම රජය ගත යුතුයි. ඒ සඳහා වියදම් කළ යුතුයි.
නමුත් මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රතිචාර දෙස බලන විට අධ්‍යාපනය කියන කාරණය දැන් වෙළෙඳ භාණ්ඩයක් ලෙස රජය සලකන බව අපිට පැහැදිලි වෙනවා. එය අපි බැරෑරුම් ලෙස හිතන්න අවශ්‍ය දෙයක්. මොකද මේ මානසික තත්ත්වයන් සමග තමයි මෙවැනි පනත් පවා සකස් වන්නේ.
ඒ වගේම මිලිටරීකරණය ගැන කතා කරන විට මේ විශ්වවිද්‍යාලය තුළ මිලිටරි සංස්කෘතියක් තිබිය යුතුයි කියන ආකල්පයේ ආරක්ෂක අමාත්‍යාංශය සිටිනවා. මේ තුළින් මිලිටරි ජනතාව සහ සිවිල් ජනතාව අතර තිබෙන සම්බන්ධය වර්ධනය කරන්න ඔවුන් බලාපොරොත්තු වන බවද සඳහන් කර තිබෙනවා. මෙය අතිශය භයානක දෙයක්. මේ පනත පිළිබඳ විවාදයේදී අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පිරීස් මහත්මා කොතලාවල විශ්වවිද්‍යාලය විශේෂ අරමුණක් සහිත විශ්වවිද්‍යාලයක් බව පැවසුවා. නමුත් මේ පනත මගින් එම අරමුණ දියාරු කිරීමක් සිදුකරන්නේ. කොතලාවල ආරක්ෂක ඇකඩමිය ආරම්භ වන්නේ විශේෂ අරමුණකින් තමයි. ඒ කියන්නේ ආරක්ෂක අංශවලට සම්බන්ධ නිලධාරීන්ට මිලිටරියට සම්බන්ධ උසස් අධ්‍යාපනය ලබාදීම සඳහා තමයි මේ විශ්වවිද්‍යාලය තිබෙන්නේ. නමුත් මේ පනත තුළින් සිවිල් ඕනෑම කෙනෙකුට මේ විශ්වවිද්‍යාලය විවෘත කරන අතර, මිලිටරියට සම්බන්ධ නොවන ඕනෑම විෂයක් ඉගැන්වීමට හැකියාව ලබාදීමත් තමයි මේ පනත තුළින් සිදුකරන්නේ. ඒ වගේම මේ පනත හරහා කොතලාවල විශ්වවිද්‍යාලයට සමාන්තර මුදල් අයකරන විශ්වවිද්‍යාල පද්ධතියක් ඇතිකිරීම සිදුවෙනවා. එය කළ හැකි ආකාරයටයි පනත සකස් කර තිබෙන්නේ. මේ පනත හරහා කොතලාවල විශ්වවිද්‍යාලයට වෙනත් ආයතන පිහිටුවන්න, ඒවාට සිසුන් ඇතුළත් කිරීමට අවශ්‍ය තීරණ ගැනීම ඇතුළු බොහෝ දේ සිදුකරන්න අවස්ථාව ලැබෙනවා.
පෞද්ගලික විශ්වවිද්‍යාලවලට පක්ෂ අයත් මේ පනතට විරුද්ධ වන්න - ජෙෂ්ඨ කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් කරණසූරිය
මීට පෙර සයිටම් හරහා පැනනැගුෙණ් පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබඳ සාකච්ඡාවක්. මෙය ඊටත් වඩා එහාට ගිය තත්ත්වයක්. රාගම විශ්වවිද්‍යාල පෞද්ගලික නොවෙයි රජය විසින් මුදල් අය කරමින් ඇතිකරන්න ගියපු එකක්. සයිටම් කියන්නේ ඊට වඩා එහා ගිය පෞද්ගලික ව්‍යවසායකයන් විසින් ලාභ අපේක්ෂාවෙන් ඇතිකරන්න ගිය විශ්වවිද්‍යාලයක්. කොතලාවල පනත හරහා සිදුකරන්න යන්නෙත් පෞද්ගලීකරණයම තමයි . ඒ වගේම මිලිටරිකරණයක් හරහා ස්ථාපිත කරන්න යනවා. පෞද්ගලික විශ්වවිද්‍යාලවලට පක්ෂ අයටත් මේ පනතට විරුද්ධ වන්න කියලා අපි ආරාධනා කළ යුතුයි. රාජ්‍යයක සිවිල් අංශය ක්‍රියාත්මක කළයුතු දේවල් මිලිටරිය විසින් අල්ලා ගැනීමක් තමයි මේ සිදුවන්නේ. රටක ප්රජාතන්ත්රවාදය රැකෙන්න නම් හමුදාව සාමාන්‍ය සමාජයෙන් බැහැරව හමුදාවේ කාර්ය පමණක් කළ යුතුයි. මිලිටරියට අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය දෙනවට අපි විරුද්ධ නැහැ. කොතලාවල මැතිතුමා ඒ භූමියේ ඉඩම් පරිත්‍යාග කරලා තියෙන්නෙත් ඒ වෙනුවෙන්. නමුත් උසස් අධ්‍යාපනයේ වගකීම මිලිටරියට දෙනවට අපි විරුද්ධ විය යුතුයි. මොකද ඒ මගින් සමාජය බිඳවැටෙනවා. ඒ වගේම මෙය කොතලාවල මැතිතුමා ඉඩම් පරිත්‍යාග කළ අරමුණෙන් බැහැරව සිදුකරන කාර්යක්. ඒ වගේම මේ තුළ දැනටත් යම් යම් අක්‍රමිකතා සිදුවෙනවා. මෙය මේ තත්ත්වයෙන් යන්න දුන්නොත් තවත් බරපතළ වෙනවා. ඒ නිසා මේ තත්ත්වය වටහාගෙන සියලුදෙනා එකතුවෙලා මෙයට විරුද්ධ විය යුතුයි කියලා මම හිතනවා. විපක්ෂය වගේම ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්වයනුත් මෙයට විරුද්ධ වීම බොහොම හොඳ ලකුණක් කියලා මම කියන්න කැමතියි.
කොතලාවල අධ්‍යාපන පීඨයේ ඉගෙනුම ලබන සහ ඉගෙනුම ලබා පිට වූ සැමදෙනාත්, හමුදාවේ නිලධාරීනුත් මෙයට විරුද්ධ විය යුතුයි
- කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්
මේ පනත සම්බන්ධ සාකච්ඡාවේදී සමාජය තුළ ලොකු බෙදීමක් ඇතිවෙලා තිබෙනවා. රජයේ විශ්වවිද්‍යාලවල උපාධි අපේක්ෂා කරන සහ උපාධි ලබාගත් පිරිස එක් පැත්තකුත්, පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් උපාධිය ලබා ගන්නා සහ ලබාගත් පිරිස තවත් පැත්තක් ලෙස දෙපිරිසකට බෙදී තිබෙනවා. මේ තියුණු බෙදීම ඉතාම කනගාටුදායකයි. රජයේ අධ්‍යාපනයද පෞද්ගලික අධ්‍යාපනයද කියන කාරණය මතුකරගෙන මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පවා තියුණු කතාබහ සිදුවෙනවා. නමුත් කොතලාවල පනත කියන්නේ එසේ ලඝු වුණ ප්‍රශ්නයක් නෙවෙයි. දැනට අපි මේ කතා කරන්නේ මේ පනත් කෙටුම්පත පිළිබඳවයි.
කොහොම වුණත් අපි දන්නෙම නැතිව උපාධි විකුණන ක්‍රමවේදය ලංකාව තුළ හදලා ඉවරයි. එහෙම තියෙද්දි කොතලාවල විද්‍යාලය හරහා දැන් අලුත් දෙයක් කරන්න යනවා. අධ්‍යාපනය පෞද්ගලීකරණය වගේම මිලිටරීකරණය තුළිනුත් එය විකිණීමට උත්සාහ කරනවා. නිදහස් අධ්‍යාපනය මෙතරම් බරපතළ තත්ත්වයකට ඇද දැමීම ගැන අපි ස්වයං විචේනයක් සිදුකළ යුතුයි. කොහොම වුණත් අපි සියලුදෙනා උපරිම ශක්තිය යොදලා මේ ගෙනෙන්නට යන උසස් අධ්‍යාපන වපසරිය පරාජය කිරීමට කටයුතු කළ යුතුයි කියලා මම යෝජනා කරනවා. ඒ වෙනුවෙන් කළ යුතු හැමදෙයක්ම අපි කරන්න වෙනවා. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය ගැන නැවත සාකච්ඡාවක් ඇති කරන්න මෙය හොඳ අවස්ථාවක්.
අපේ අධ්‍යාපන ප්‍රතිපත්තියේ අරමුණ විය යුත්තේ හොඳ පුරවැසියෙක් බිහිකිරීමයි. හොඳ පුරවැසියෙක් බිහිවුණ විට ආර්ථිකයට සමාජයට හොඳ දායකත්වයක් දෙන්න ඔහුට පුළුවන් වෙනවා.
කොතලාවල අධ්‍යාපනය පීඨයේ ඉගෙනුම ලබන සහ ඉගෙනුම ලබා පිට වූ සැමදෙනාත්, හමුදාවේ නිලධාරීන් සියලුදෙනාත් මේ සඳහා විරුද්ධ විය යුතුයි කියා මම යෝජනා කරනවා. එයට හේතුව තමයි මේ පනත හරහා ඉදිරිපත් කරන්න යන්නේ දෙකෙන් එකකටවත් නැති දෙමුහුන් සතෙක්. ඒ නිසා හමුදාව තමන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙන්කරන ලද මේ ආයතනය ආරක්ෂා කර ගැනීමට කතා කළ යුතුයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා ප්‍රමිතිකරණයට ලක්නොවන ආයතනයකින් ලබාදෙන උපාධියක් කවුද ගණන් ගන්නේ. එහෙම ආයතනයකින් උපාධියක් අරගෙන මොනවද කරන්න පුළුවන්. ඒ නිසා මේ පනතට හැමෝම විරුද්ධ විය යුතුයි කියලා මම යෝජනා කරනවා.
කොතලාවල විශ්වවිද්‍යාලය වෙනස් කර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අධීක්ෂණයට යටත් කරනවා - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනතේ ඇති බාධා ඉවත් කර, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඒ යටතට ගෙන එන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (17දා) බෞද්ධ උපදේශක සභාව හමුවේ අනාවරණය කළේය. එහිදී භික්ෂූන් වහන්සේලා අමතමින් ජනාධිපතිවරයා මෙසේ පැවසීය.
&වෛද්‍ය විද්‍යාලය ආරම්භ කරන අවස්ථාවේදීත් එවකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ වෛද්‍ය සභාව දෙගොල්ලොම විරුද්ධ වුණා. ඒ අවස්ථාවේදී මම මේ දෙගොල්ලොම ගෙන්නලා සාකච්ඡා කරලා ඇහුවා මේකට හේතුව මොකද්ද කියලා. එහිදී මූලික විරෝධතාව ලෙස දැක්වූයේ ළමයින් බඳවා ගැනීමේදී ඥාතීන්ගේ, හමුදාවේ උසස් නිලධාරීන්ගේ ළමයි මේ සඳහා සුදුසුකම් නැතුව ඇතුළත් වෙයි කියන කාරණය. එතනැදී අපි කිව්වේ රජයේ විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා ඉසෙඩ් අගයෙන් ඉතුරුවෙන තැන ඉඳලා පහළට සිටින සිසුන් බඳවා ගන්නවා කියලා. ඒ අයගෙන් ත්‍රිවිධ හමුදාවට සුදුසුකම් නොලබන අය කවුරුන් හෝ ඉන්නවා නම් ඒ අය අපි ඉවත් කරනවා කියලත් කිව්වා. මේ විරෝධය දක්වන සමහරුන් කියන දෙයක් තමයි කොතලාවල විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට ගේන්නෙ නැහැ කියලා. නමුත් ආරක්ෂක අමාත්‍යාංශයටත් අවශ්‍ය වෙන්නේ මේ විශ්වවිද්‍යාලයත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට ගේන්න. නමුත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනත අනුව මේ විශ්වවිද්‍යාලය ඔවුන් යටතට ගන්න බැහැ. පාලි විශ්වවිද්‍යාලයටත් වෙලා තියෙන ප්රශ්නය මෙයමයි. මේ නිසා මේ විශ්වවිද්‍යාලයත් එහි අධීක්ෂණය යටතට ගේන්න පුළුවන් විදිහට අපි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනත වෙනස් කරන්නට ක්‍රියාත්මක වෙමින් යනවා. හෙද අභ්‍යාස විද්‍යාලත් විශ්වවිද්‍යාල බවට පත්කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
පොල් පර්යේෂණ ආයතන, තේ පර්යේෂණ ආයතන වගේ දේවල් එකතු කරලා විශ්වවිද්‍යාල බවට පත්කරන්න අපි බලාපොරොත්තු වෙනවා. දැනට තිබෙන පනත අනුව ඒ දේවලුත් කරන්න බැහැ. මේවා ගේන්න පුළුවන් විදිහට ඒ පනත සංශෝධනය කරනවා. මේ සෑම විශ්වවිද්‍යාලයක්ම ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට පත් කරනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd