![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_ac371022c8.jpg)
ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී දුෂාන්ති මදනායක විසින් මෙහෙයවනු ලබන ‘White flower Academy' හි කේක් නිර්මාණකරණය පිළිබඳ පාඨමාලාව සාර්ථකව නිම කළ සිසු සිසුවියන් විසින් නිර්මාණය කරන ලද කේක් නිර්මාණවලින් යුත් ප්‍රදර්ශනය හා සහතික පත්‍ර ප්රදානෝත්සවය පසුගියදා (19දා) බත්තරමුල්ල, වෝටර්ස් එජ්හිදී පැවැත්විණි.
උපන් දින කේක් නිර්මාණ, ෆැන්ටසි කේක් නිර්මාණ, මංගල කේක් ආකෘති නිර්මාණ, නවල්ටි කේක් නිර්මාණ, විවෘත අංශය යන අංශ 5ක් යටතේ නිර්මාණ ඉදිරිපත් කළ සිසු සිසුවියන් අතරින් විශිෂ්ටයින් තෝරා සම්මාන ප්රදානය කිරීම මෙහිදී සිදුකෙරිණි.
මෙම අවස්ථාවේදීම දුෂාන්ති මදනායක විසින් සකසන ලද ආහාර වට්ටෝරු 100ක් ඇතුළත් “Anyone can cook” ග්‍රන්ථය එම්. ඩී. ගුණසේන ප්රකාශනයක් ලෙස එළිදැක්වීමද සිදුකෙරුණි. ප්‍රවීණ සූපවේදිනී හෙලන් මදනායක මහත්මියගේ දියණිය වන දුෂාන්ති වසර 25ක වෘත්තීයමය පලපුරුද්ද ඇති දක්ෂ කේක් නිර්මාණ ශිල්පිනියකි.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය හා ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රවීණ සූපවේදිනී විකි ප්රෙතර් මහත්මිය සහභාගි වූහ.
නවෝද්‍යා පවනි / ඡායාරූප - ශමීර රාජපක්ෂ
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_41785856be.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_17521190aa.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_3adfc4c090.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_81456e1ca8.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_fee5c7d385.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_ffaaaf8bf2.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_d560c61ccd.jpg)