පාප් තුමන්ගේ මෙන්ම, චීන රජයේද ආශිර්වාදයෙන් ප්‍රථම වරට චීනය තුළ බිෂොප්වරයෙකු පත්කිරීම සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
චීනයේ ආගමික මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන්නේ නම් එය අනිවාර්යෙයන්ම චීන රජයේ අනුමැතියට යටත්විය යුතු අතර, පසුගිය දශකයක පමණ කාලය තුළ මේ කාරණය ඇතුළුව වතිකානුව හා චීනය අතර යම් යම් මතභේද පැවතිණි.
කෙසේ වෙතත්, පසුගිය සැප්තැම්බර් මාසයේදී දෙපාර්ශ්වය එකඟත්වයකට පැමිණෙමින්, එරට කතෝලික ආගමික සංස්ථාව තුළින් බිෂොප්වරයෙකු පත්කිරීමට අවස්ථාව ලබාදෙන ලදී.
ඒ අනුව, චීනයේ මෝංගෝලියානු පළාතේදී යාඕ ෂුන් බිෂොප්වරයෙකු ලෙස තේරීපත් වීම සිදුවිය.
චීනයේ මිලියන 12ක පමණ කිතුණු පිරිසක් වාසය කළත් ඔවුන් චීන කතෝලික සභාව සහ වතිකානුවට පක්ෂපාත කතෝලික පල්ලිය ලෙස බෙදී වෙන්වී සිටීමද මෙවැනි පත්කිරීමකට මෙතෙරම් කාලයක් ගතවිය.