දෝෂාභියෝග ඡන්ද විමසීමෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත්ව ඇති අතර, ඔහුට එරෙහිව පැවති දෝෂාභියෝගයට පක්ෂව ඡන්ද 230ක් හිමිවූ අතර, විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද 197කි.
නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී මෙසේ දෝෂාභියෝගය පරාජයට පත්වූ අතර, එය ජයගැනීමට නම් ඡන්ද 216ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ලබාගත යුතුව තිබුණි.
ජනාධිපති ධුරයේ සිය බලතල අනිසි ආකාරයෙන් භාවිත කිරීම සහ කොංග්‍රසයේ ක්‍රියාවලිය බාධා කිරීම ජනාධිපිතවරයාට මෙම දෝෂාභියෝගය එල්ලවීමට හේතු විය.
මීට අමතරව, සිය ප්‍රතිවාදියා වූ ජෝ බයිඩන්ට එරෙහිව විමර්ශනයක් සිදුකර ඔහු අපකීර්තියට පත්කරන ලෙස යුක්රේනයට බලපෑම් කිරීමද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත මෙම දෝෂාභියෝගය එල්ල කිරීමට හේතු විය.
ඒ අනුව, අදාළ දෝෂාභියෝගයට අදාළ සෙනට් මණ්ඩල නඩු විභාගය ලබන ජනවාරි මාසයේදී ඇරඹෙනු ඇති අතර, ජනාධිපතිවරයා එහිදී වරදකරු වුවහොත් ඔහු ජනපති ධුරය අහිමිවනු ඇත.
මේ ආකාරයෙන් දෝෂාභියෝගයකට ලක්වූ තෙවැනි ඇමෙරිකානු ජනාධිපතිවරයා වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ය.