දශක කිහිපයකට පසුව ඇමෙරිකා එක්සත් ජනපදයට බලපෑ දරුණු ධ්‍රැවීය සීත සුළං දහරාව නිසා හටගත් සීතලෙන් මියගිය පිරිස 21 දක්වා ඉහළ ගොස් තිබේ.
ඇමෙරිකානු ජනතාවගෙන් තුනෙන් එකක්, හෙවත් මිලියන 90ක පමණ ජනතාවක් සෙල්සියස් අංශක සෘණ 17ක් හෝ ඊට අඩු උෂ්ණත්වයකට මුහුණදුන් අතර, සමස්තයක් ලෙස මිලියන 250ක පමණ ජනතාවකට මෙම අසාමාන්‍ය සීත කාලගුණික තත්ත්වය බලපා තිබුණි.
අධික සීතලට නිරාවරණය වීම නිසා සමේ තුවාල ඇතිවීමේ තත්ත්ව හේතුවෙන් රෝහල්ගත කළ පිරිස්වලද සැලකිය යුතු වැඩිවීමක් පවතී.
එමෙන්ම, නිවාස නොමැතිව එළිමහනේ ජීවත්වන දුගීන් බහුතරයක් මෙම දැඩි සීත කාලගුණික තත්ත්වයෙන් බරපතළ අවදානමකට මුහුණදුන් පිරිස වූහ.
ඔවුන් බේරාගැනීම සඳහා රට පුරා මෙම දැඩි සීතල බලපෑ සෑම නගරයකම පාහේ උණුසුම් තාවකාලික කූඩාරම් ඉදිකිරීමට ඇමෙරිකානු බලධාරීන් පියවර ගෙන තිබුණි.
කෙසේ වෙතත්, මෙම සතියේදී පවතින අයහපත් කාලගුණික තත්ත්වයේ යම් යහපත් ප්‍රවණතාවක් දැකිය හැකි බව එරට කාලගුණික අංශ පවසයි.