ඇමෙරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප් යුරෝපය සමග සියලු සංචාර අවලංගු කිරීමත් සමග ආසියානු කොටස් වෙළෙඳ පොළ රැසක් අද (13දා) දිනයේදී කඩා වැටුණි.
එම තත්ත්වය අනුගමනය කරමින් එක්සත් ජනපද වෝල් ස්ට්‍රීට් සහ ඩවු ජෝන්ස් කොටස් වෙළෙඳ පොළවලද ඒකක 1,500ක හෙවත් 5.8%ක කඩා වැටීමක් වර්තා විය.
ඒ අනුව ඩවු ජෝන්ස් මිල දර්ශකය මෑතක පැවති ඉහළ තත්ත්වයේ සිට 20%ක පමණ පහළ යෑමක් පෙන්වා ඇත.
ඊයේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නව කොරෝනා වෛරසය ගෝලීය වසංගතයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමද ලොව පුරා කොටස් වෙළෙඳ පොළ වෙත බලපෑම් කර තිබුණි.