![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_0d3167d11c.jpg)
දිගු වරසලක් හිමි කර ගැනීමට කුමන රටක හෝ වෙසෙන කාන්තාවන් වඩාත් ආශාකරන බව නොරහසක්.නමුත් ගිලන් සේවය කාර්යක්ෂම කර ගැනීම සදහා තමන්ගේ හිස කෙස් කපා දැමූ හෙදියන් පිරිසක් පිළිබඳ වාර්ථාවුනේ චීනයෙනී. මේ දිනවල සීඝ්‍රෙයන් පැතිර යන කොරෝනා වෛරසය ආසාදන ඇතිවීමේ හැකියාව අවම කිරීම සඳහා චීනයේ වුහාන් යුනියන් රෝහලේ හෙදියන් 31 දෙනෙකු ඔවුන්ගේ දිගු කෙස් එළෙස කපා දමා තිබිණ.දාහකට ආසන්න වෛද්‍ය කණ්ඩායමක් මෙම වෛරසය වඩාත් පැතිර ඇති ප්‍රෙද්ශ වෙත යොමුකිරීමට චීන රජය පියවර ගෙන තිබුණි. එහිදී රෝගීන්ට වඩාත් යුහුසුලුව සේවා සැපයීම වෙනුවෙන් කොණ්ඩය සැකසීම සදහා වැයවන කාලය ඉතිරිකර ගැනීම සදහාත් වෛරස් ආසාදනය පැතිරීම අවම කරගැනීම සදහාත් හෙදියන් විසින් තමන්ගේ දිගු වරලස කපා දැමීමට ස්වෙච්ජාවෙන්ම තීරණය කර ඇති බව චීන පුවත් වාර්ථාකර තිබුණි.
නදීශානි පතිරණ
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_16696cd716.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_117760b42c.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_051fbe4a0b.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_db694b6ab1.jpg)