ලිදුල පොලිස් වසමට අයත් තලවකැලේ මටුකැලේ වතුයායේ තේ වත්තේ  දඩයම්කරුවන් අටවා  තිබු හොදින් වැඩුනු කදුකර කොටියෙකු වනජීවි නිලධාරීන්  විසින් මුදාහැරීමට උත්සාහ කිරීමේදි  (14) දින මියගිය බව නුවරඑළිය වනජීවී  කාර්යාලයේ නිලධාරීයෙකු පැවසීය.

මියගිය කොටියා අවු-6 පමණ වයසැති හොදින් වැඩුනු පිරිමි සතෙකු බවත්, මන්දට අසු වී සිටි කදුකර කොටියා ඉන් බේරි යෑමට උත්සහ කිරිම නිසා කම්බි සහිත මන්ද කදුකර කොටියාගේ උගුර ප්‍ර දේශයේ තදට සිර වී තිබූ නිසා කදුකර කොටියා දැඩි ලෙස තුවාල ලබා සිටි බවයි එම නිළධාරියා කියා සිටියේ.

කදුකර කොටියාට මන්ද ඇටවු සැකකරු සොයා වනජීවි නිළධාරින් සහ ලිදුල පොලිස් නිළධාරින් එක්ව පරික්ෂණයක් ආරම්භකර ඇත. මියගිය කොටියා⁣ගේ සිරුර  පස්චාත් මරණ  පරීක්ෂණ  සදහා රණ්දෙනිගල පශුවෛද්‍ය කාර්යාලය  වෙත යොමුකල බවද එම නිළධාරියා වැඩිදුරටත් පැවසීය .

0 comments

Leave a Reply

Post Comment