උදුවප් පුන් පොහෝයෙන් ආරම්භ වන මෙවර ශ්‍රිපාද වන්දනා සමය තුළදි නල්ලතන්නිය සිට ශ්‍රිපාද උඩ මළුව දක්වා ප්ලාස්ටික් වතුර බෝතල් දුම්කොළ මිශ්‍ර සුරුට්ටු අලෙවි කිරිම හා රැගෙන යාම සපුරා තහනම් කිරිමට පියවර ගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසයි.

ශ්‍රිපාදස්ථානාධිපති ඌව විශ්වවිද්‍යාලයේ උප කුලපති සඹරගමුව හා රත්නපුර දිසා ප්‍රධාන සංඝනායක ත්‍රිපිටකාචාර්ය බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන්ගේ ප්‍රධානත්වයේ මෙවර ශ්‍රිපාද වන්දනාව පිලිබදව රාජ්‍ය ආයතන හා ස්වේච්චා සංවිධාන සමග පැවති සම්බන්ධිකරණ කමිටු රැස්විමකදි මෙම තිරණය ගත් බව නන්දන ගලබඩ මහතා පැවසිය.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු නන්දන ගලබඩ මහතා  හැටන් නල්ලතන්නිය මාර්ගයේ ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන බැතිමතුන්ගේ පානිය ජල අවශ්‍යතාවයන් මේ වන විට සපුරා ඇති බැවින් ප්ලාස්ටික් ජල බෝතල රැගෙන යාමට අවශ්‍ය නොවන බවත් එම තත්වයන් මත ප්ලාස්ටික් ජල බෝතල රැගෙන යාම තහනම් කර ඇති බවත්ය.

මෙම වන්දනා සමය තුලදි නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ සීත ගගුලේ සිට ශ්‍රිපාද උඩ මළුව දක්වා ධර්ම සුගන්ද මනුසත්  සුභ සාධක පදනම මගින් අවශ්‍ය පානිය ජලය නොමිලේ ලබා දිමට පියවර ගෙන ඇති බවද ඔහු පැවසිය.

ශ්‍රිපාද වන්දනාවේ පැමිනෙන සියලුම බැතිමතුන්ගේ ආරක්ෂාව සදහා වීශේෂ ආරක්ෂක වැඩ පිලිවෙලක් පොලිසිය මගින් ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන ඇති බවද නන්දන ගලබඩ මහතා වැඩි දුරටත් පැවසිය.

චන්ද්‍ර සෙල්ලහේවා

 

0 comments

Leave a Reply

Post Comment