17 වැනි වරටත් පවත්වනු ලැබූ 'රයිගම් ටෙලීස් 2016' රූපවාහිනී සම්මාන උලෙළ පසුගියදා (24දා) නෙළුම් පොකුණ රඟහලේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්, නළු නිළියන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
එහිදී විශේෂ ප්‍රණාම සම්මානයෙන් ආචාර්ය ආරියදාස පීරිස්, රෝහණ බැද්දගේ පිදුම් ලැබූ අතර ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානයෙන් මාලනී ෆොන්සේකා පිදුම් ලැබුවාය. ජූරි සභිකයෙකු ලෙස කටයුතු කළ මහාචාර්ය පැට්‍රික් රත්නායක මහතා වෙතද මෙහිදී සම්මානයක් පිළිගැන්විණි.
එහි සම්මාන බෙදී ගියේ මෙලෙසිනි.
ජනප්‍රියතම ටෙලි නාට්‍යය
දෙවෙනි ඉනිම – ටී.වී. දෙරණ
ජනප්‍රියතම ටෙලිනාට්‍ය නළුවා
රුවන් පෙරේරා
ජනප්‍රියතම ටෙලි නාට්‍ය නිළිය
නයනතාරා වික්‍රමාරාච්චි
විශේෂ පිළිගැනීම් සම්මානය
කවීෂ් විහඟ
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා
One way - තනි අතට යන පාර (තේජන) - ස්වාධීන රූපවාහිනිය - පුබුදු චතුරංග
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය
බොහිමියානුවා (නූරි) - ස්වර්ණවාහිනිය - උමාලි තිලකරත්න
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නළුවා
මද්දහන (ජයසුන්දර) - ස්වාධීන රූපවාහිනිය - ලක්‍ෂ්මන් මෙන්ඩිස්
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නිළිය
One way - තනි අතට යන පාර (නිර්මලා) - ස්වාධීන රූපවාහිනිය - චාන්දනී සෙනෙවිරත්න
වසරේ නැඟී එන ටෙලි නාට්‍ය නළුවා
බොහීමියානුවා (කල්ප) - ස්වර්ණවාහිනිය - සජිත අනුත්තර ඇන්තනි
වසරේ නැඟී එන ටෙලි නාට්‍ය නිළිය
One way - තනි අතට යන පාර (සේපාලිකා) - ස්වාධීන රූපවාහිනිය - නදීෂා මධුෂානි රූපසිංහ
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍යය
One way - තනි අතට යන පාර - ස්වාධීන රූපවාහිනිය
අධ්‍යක්‍ෂණය - ලලිත් රත්නායක
නිෂ්පාදනය - එච්.ඩී. ප්‍රේමසිරි, බන්දුල ඒකනායක, චන්න ප්‍රනාන්දු, බණ්ඩාර ඇහැලියගොඩ
වසරේ විශිෂ්ටතම ඒකාංගික ටෙලි නාට්‍යය
උරුමක්කාරයෝ (සිත නිවන කතා) - ජාතික රූපවාහිනිය - දයාරත්න රටගෙදර
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණය
One way - තනි අතට යන පාර - ස්වාධීන රූපවාහිනිය - ලලිත් රත්නායක
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය තිර රචනය
One way - තනි අතට යන පාර - ස්වාධීන රූපවාහිනිය - ලලිත් රත්නායක
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංස්කරණය
One way - තනි අතට යන පාර - ස්වාධීන රූපවාහිනිය - ඉන්දික ජයවර්ධන
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කැමරාකරණය
One way - තනි අතට යන පාර - ස්වාධීන රූපවාහිනිය - සජිත වීරප්පෙරුම
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අංග රචනය
One way - තනි අතට යන පාර - ස්වාධීන රූපවාහිනිය - වසන්ත විට්ටච්චි
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්‍ෂණය
One way - තනි අතට යන පාර - ස්වාධීන රූපවාහිනිය - අරුණ මැදකුඹුර
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්‍ෂණය
One way - තනි අතට යන පාර - ස්වාධීන රූපවාහිනිය - නාලක අංජන කුමාර
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත රචනය
One way - තනි අතට යන පාර (ඉගිල යයි ගීතය)- ස්වාධීන රූපවාහිනිය - බණ්ඩාර ඇහැලියගොඩ
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායකයා
One way - තනි අතට යන පාර (ඉගිල යයි ගීතය) - ස්වාධීන රූපවාහිනිය - කෝලිත භානු දිසානායක
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායිකාව
මීදුං අම්මා (පින්සාර තොටමුණ ගීතය)- ස්වර්ණවාහිනිය - පූර්ණිමා ධනංජනී
වසරේ සම්මානනීය ටෙලිනාට්‍ය නාළිකාව
ස්වාධීන රූපවාහිනිය
වසරේ සම්මානනීය නාළිකාව
ස්වාධීන රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සංගීත වැඩසටහන
Dell studio season 3 - ටී.වී. දෙරණ - චින්තක ගම්ලත්
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක - සිංහල
මධුෂාන් ද සිල්වා - ස්වර්ණවාහිනිය
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකා - සිංහල
පුබුදු රත්නායක - හිරු ටී.වී.
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක - සිංහල
සිතාරා හිරෝෂි කළුආරච්චි - ස්වාධීන රූපවාහිනිය
වසරේ නිර්මාණාත්මක රූපවාහිනී රියැලිටි වැඩසටහන
ජන අසුන (මීතොටමුල්ල කුණු කන්ද - කසළ කළමනාකරණය)- සිරස ටී.වී. - සමිත් බස්නායක සහ සමන් ධම්මික
සම්මානනීය රූපවාහිනී මාධ්‍ය වැඩසටහන් නාළිකාව
සිරස ටී.වී.
Leave a Reply