යහපත් දෙමාපියන්ගේ මූලික අභිප්‍රාය දරුවාගේ යහපත් අධ්‍යාපනික දියුණුවයි.  ඒ සඳහා ඔවුන් නොකරන කැපකිරීමක් නොමැති තරම්ය. ලංකාවේ අධ්‍යාපනික ක්‍රම‘වේදය තුළ දරුවන්ගේ කුසලතාවන් මැනගනු ලබන මූලික ක්‍රමවේදය ‘විභාග’ වේ. මෙම විභාග සඳහා උසස් ලකුණු ගත් පමණින් දරුවා සිය සමාජමය ජීවිතය සාර්ථක කර ගත්තැයි හෝ ලකුණු අඩු වූ පමණින් ඔහු අසාර්ථක වේ යැයි කිසිවෙකුට එකවර නිගමනය කළ නොහැකිය. 

සමාජයේ ජීවත්වන පුද්ගලයන් විවිධ අංශවල සාර්ථක වීමට හා දක්ෂතා පෙන්වීමට හේතු වනුයේ ඔවුන් තුළ පිහිටි බහුවිධ බුද්ධිය වේ. ජර්මන් ජාතික හෝවර්ඩ් ගාර්ඩ්නර් විසින් මෙම සංකල්පය ඉදිරිපත් කර තිබේ.

බුද්ධියේ ප්‍රධාන ප්‍රභේද 8

භාෂාමය බුද්ධිය - ගායකයන්, රචකයන්
පරිතානුකූල හා ගණිතමය බුද්ධිය - විද්‍යාඥ, ගණිතඥ
දෘෂ්ටිය හා අවකාශ පිළිබඳව බුද්ධිය - ගෘහ නිර්මාණ මූර්ති ශිල්ප
ශරීර චලන පිළිබඳ බුද්ධිය - නාට්‍ය ශිල්පීන්, මලල ක්‍රීඩක, වාදක
සංගීතමය බුද්ධිය - ගීත නිර්මාපක, සංගීතඥ, 
අන්තර් පුද්ගල සම්බන්ධතා බුද්ධිය - මනෝ විද්‍යාඥ
පුද්ගල සංවර්ධන බුද්ධිය - ආගමික ශාස්ත_න්, දාර්ශනික 
ස්වභාව ධර්මය පිළිබඳ බුද්ධිය - ජීව විද්‍යාඥ, පරිසර විද්‍යාඥ

ඕනෑම දරුවෙකුට මෙම බහුවිධ ගවේෂක බුද්ධිවලින් එකක් හෝ කිහිපයක් පිහිටා තිබීමේ හැකියාව ඇත. නිවැරදිව දරුවා හඳුනා ගැනීම දෙමාපියන්ගේ හා ගුරුවරුන්ගේ කාර්යභාරයකි.

දරුවාගේ හැකියාව, බුද්ධි ප්‍ර‘භේද මත සිට ඔහු හො ඇය යා යුතු මග තීරණය කරනු විනා දෙමාපියන් හෝ සිහින මත හෝ සමාජයේ ඉල්ලීම මත පිහිටා තීරණය නොකළ යුතුය.

භාෂාමය බුද්ධියට අදාළව ගත්කල සවන්දීම, කතා කිරීම, කියවීම, ලිවීම යන චතුර්විධ ක්ෂේත්‍ර මනාව සංවර්ධනය සිදුව නොතිබුණහොත් දරුවා කොතරම් දක්ෂයෙකු වූවත් ඔහුට විවිධ විභාග තුළදී අඩු ලකුණු මට්ටම් ලැබේ.

බිහිරි බව, ශාරීරික දුබලතා, චිත්තවේගීය ගැටලු, දෙමාපිය නොසලකා හැරීම්, මොළයට සිදුවන අනතුරු ආදී වූ භාෂාමය වර්ධනයට බලපාන කරුණු කිසිවක් නොමැති බව ස්ථර නම් පැහැදිලි හේතුවක් නොවන අවස්ථා විශේෂිත භාෂාමය අක්‍රමිකතා ගණයේ ලා සැලකේ. මෙම විශේෂිත භාෂාමය අක්‍රමණ ඇති දරුවන්ගේ භාෂා කුසලතා හැරෙන්නට අනෙකුත් සෑම ක්ෂේත්‍රයකට වර්ධනය සාමාන්‍ය පරිදි සිදුවේ. 

වර්තමානයේ බොහෝ දෙනා ඔටිසම් (Autism) ඩිස්ලෙක්සියා (Dyslexia) ආදී තත්ත්වයන් ගැන පිළිබඳ කතා කළද මෙම විශේෂිත භාෂාමය අක්‍රමිකතා පිළිබඳ කතා කරන්නේ නැත. ඇත්තෙන්ම මෙම තත්ත්වය ඔටිසම් තත්ත්වයට වඩා සුලභය. 
අවාසනාවට එය බොහෝ දෙමාපියන් නොසලකා හරී. මනා ප්‍රතිකාරාත්මක ඉගෙනුම් පුහුණුවකින් විනා මෙම දරුවන් සංවර්ධනය කිරීම අපහසුය. ඒ සඳහා විශේෂිත වූ ක්‍රම‘වේද නොමැතිකමකින් පාසල් තුළ විශේෂ ඒකකය තුළට සිය වටිනා පාසල් කාලය ගතවන දරුවන් මාගේ වෘත්තීය ජීවිතය තුළ මුණගැසී ඇත.

භාෂාමය අක්‍රමිකතා ඇති දරුවන් තුළ විද්‍යාමාන වන ලක්ෂණ විවිධාකාරයෙන් විවිධ ප්‍රමාණයෙන් පවතී. එය අක්‍රමිකතාවන් දැඩි බව අනුව වේ.

ලිවීමේ දෝෂ

කතාව පටන් ගැනීම ප්‍රමාදවීම
අත්අකුරුවල හැඩය, තරම හා සම්පූර්ණ බවේ ගැටලු
පිල්ලම් භාවිතයේ ගැටලු
වචන වෙන් කිරීම, නිවැරදි වචන ලිවීමේ ගැටලු 
අක්ෂර වින්‍යාසයේ දෝෂ
රචනාවල මාතෘකා අදාළ නැති බව
චර්යා දෝෂ
අන් ළමුන්ට හිරිහැර කිරීම
පොත් ඉරා දැමීම වැනි විනාශකාරී ක්‍රියා 
පැන්සල් මකන ආදිය සැපීම

පැහැදිලි චර්යාත්මක දෝෂ නොමැති වූවද ඔවුන් දැඩි ආතතියකින් යුක්තව විය හැක. නිතර හිසරදය, බඩරුදාව ආදිය ප්‍රකාශ කිරීම සිදුකළ හැක.

ප්‍රාථමික පන්තිවල සිසු දරුවන්ගේ ලිවීමේ, කියවීමේ හැකියාව පිළිබඳ දෝෂ ගුරුවරුන් විසින් හඳුනාගනු ලැබේ. මේ බව දෙමාපියන්ට දන්වා ඒ පිළිබඳ දැඩි උනන්දුවකින් කටයුතු කරන ලෙසද උපදෙස් දෙති. 

ඇත්තෙන්ම සිදුවිය යුත්තේ දරුවන්ට ඇත්තේ කුමන ආකාරයේ ගැටලුවක්ද යන්න සොයා බලා ඊට අදාළව නිවැරදි උපදෙස් ලබාගත හැකි වෘත්තිකයන් වෙත යොමු වීමය. ඒ වෙනුවට සාමාන්‍ය පාසල් විෂය නිර්දේශයේ ඇති විෂය කරුණුවල එක් දෙයක් වැඩිවාර ගණනක් දිගු කාලයක් කරවීම දරුවා සංවර්ධනය කිරීමට යොදා ගනී.

ඉන් සිදුවන්නේ දරුවන් පීඩාවට පත්වීමය. නැතහොත් ලිවීම, කියවීම ඉතා දුර්වල බැවින් දරුවා මන්ද මානසික තත්ත්වයෙන් පෙළෙන බව සඳහා පාසලේ විශේෂ ඒකකයට යොමු කිරීමයි.

මෙම ගැටලුකාරී තත්ත්වය මගහරවා ගැනීම දෙමාපියන්ගේ මට්ටමින් සිදුකිරීම අපහසුය. ඒ නිසා කාලය සමග දරුවා ඉගෙන ගනීවී යැයි සිතා බලා සිටිනු වෙනුවට නිවැරදි වෘත්තීයවේදීන් වෙත යොමුවීම සිදුවිය යුතුය.

 

0 comments

Leave a Reply

Post Comment