මධ්‍යම පළාතේ ආදායම් කටයුතු නියාමනය පිළිබඳ මූලික වගකීම දරන ඇය මධ්‍යම පළාත තුළ කටයුතු කරමින් ජනතාව සහ රජය අතර සම්බන්ධීකරණයෙහි නියැළෙන මුල් පුටුව හොබවන කාන්තාවකි. මධ්‍යම පළාත් ආදායම් කොමසාරිස් ධුරය දරමින් එහි මුල් පුටුවේ කටයුතු කරන අජන්තා පෙරේරා (Bcom, Special, kelaniya. Revenue Service ) මහත්මියගේ අතීත මතකයන් අතරින් බ්ඳකි මේ. 'සමහරුන්ට මේ ආයතනය ගැන තියෙන්නේ අනියත බ්යක්. තවත් අය තැතිගැන්මෙන් මෙයට ගොඩවෙන හැටි මගේ අත්දැකීම් අනුව පැහැදිලියි. මම හැම නිලධාරියෙකුටම කියන්නේ අප හමුවීමට එන හැමදෙනාම සිනහමුසු මුහුණෙන් පිළිගන්න කියලා. මම ඉපදුණේ මහනුවර ආසන්නයේ තිබෙන වත්තේගම ප්‍රදේශයේ. අධ්‍යාපනය ලැබූයේ වත්තේගම බාලිකා විද්‍යාලයෙන්.
වාණිජ අංශයෙන් ඉගෙන ගත්තා. ක්‍රීඩා කළත්, සෞන්දර්යයට නැඹුරු වුණත් මගේ පවුලේ සහෝදර සහෝදරියන් හත්දෙනාගේ පසුබිම අනුව මමත් වාණිජ පැත්තට යොමු වෙන්න ඇති. මගේ තාත්තා වන සිරිසේන හල්පිටගේ කියන්නේ ව්‍යාපාරිකයෙක්. අම්මා ගෘහණියක්. තාත්තාගේ ගමන්මගත් මම වාණිජ අංශයට බර වීමට හේතුවක් වෙන්න ඇති.
වාණිජ අංශයෙන් උසස් පෙළ සමත් වුණා. ඒත් මට විශ්වවිද්‍යාලයකට යනවාද කියන හැඟීම පාසල් ජීවිතයේ අරමුණක් වෙලා තිබුණේ නැහැ. ඒත් මම හැමදෙයක්ම කළා වගේම හැමදේටම සූදානමින් හිටිය කෙනෙක්. විශ්වවිද්‍යාලය ගැන විතරක් නෙවෙයි. පාසලේ හැම කටයුත්තකටම දායක වීමයි මගේ කැමැත්ත වුණේ. නිදිවරාගෙන පාඩම් කළේත් නැහැ. අධ්‍යාපනයට කියලා ලොකු බරක් ඔළුවට ගත්තෙත් නැහැ. නමුත් එක දෙයක් මතකයි. කවදාවත් හෝම්වර්ක් හෝ පාසලේ පන්තියේ වැඩ අමතක කළේ නැහැ. ඒවත් හරියට කළා. එදිනෙදාට ඒ කටයුතු කළාම ලොකු බරක් ඔළුවට නැහැ. අදටත් ඒ ක්‍රමවේදය මම මගේ රාජකාරියේදීත්, ගෙදරදීත් පිළිපදිනවා.
උසස් පෙළ ප්‍රතිඵල එනතුරු මා මහනුවර ටෙක්නිකල් එකෙන් උසස් වාණිජ ඩිප්ලෝමාව හැදෑරුවා. මම 1982 වර්ෂයේ කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වී 1986 වර්ෂය දක්වා එහි අධ්‍යාපන කටයුතුවල යෙදුණා. එහිදී විෂය බාහිර කටයුතු අතහැරියෙත් නෑ. උපාධිය සමත්වීමෙන් අනතුරුව මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ සහකාර කථිකාචාර්යවරයෙකු ලෙස මාස හයක් පමණ කටයුතු කළා.
1997 අවුරුද්දේ මගේ පළමු රැකියාව හැටියට මම කොළඹ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තක්සේරු නිලධාරියෙකු හැටියට වැඩ භාරගන්නවා. දරුවන්ට අම්මාගේ සෙනහස අවශ්‍ය බව මගේ මහත්තයාත් යෝජනා කළා. ඒ නිසා මධ්‍යම පළාතේ ආදායම් දෙපාර්තමේන්තුවට මම ආවා. මධ්‍යම පළාත් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ තක්සේරුකරුවෙකු බවට පත්වුණා. 2001 අවුරුද්දේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු ලෙස උසස්වීමක් ලැබුණා. අවුරුදු හයකට පස්සෙ 2007 වර්ෂයේදී මධ්‍යම පළාතේ ආදායම් කොමසාරිස් බවට උසස්වීමක් ලැබුණා.
මම විවාහ වී සිටිනුයේ වරලත් ගණකාධිකාරීවරයෙකු වන ලක්ෂ්මන් පෙරේරා සමගයි. ලක්ෂිත ලොකු පුතා. දෙවැනියා මාලක. තුන්වැනියා චාමික. ඒ තුන්දෙනා ධර්මරාජ විද්‍යාලයෙනුයි අධ්‍යාපනය ලැබුවේ. මාලක පුතා වෛද්‍යවරයෙක්. ලක්ෂිතයි, චාමිකයි වරලත් ගණකාධිකවරුන් හැටියට කටයුතු කරනවා. මගේ ගෙදර කටයුතුවලදී අම්මාගෙන් ලැබුණු උදව් උපකාර මගේ කටයුතු පහසු කර ගන්නට උදවු වුණා. අපි කිසිම දවසක මේ දේ කරන්න. මෙහෙම ඉගෙන ගන්න කියලා දරුවන්ට බලපෑම් කරලා නැහැ. ඔවුන් චෙස් සහ පිහිනුම් ක්‍රීඩාවෙන් ජාතික මට්ටමට පත්ව තිබෙනවා. ලොකු පුතාලා දෙන්නා විවාහකයි.
රාජකාරිය පැත්තෙන් ගත්තොත් මගේ ආයතනය ගැන මම බොහොම ඉහළින්ම තෘප්තිමත්. මට ඉතා හොඳ කාර්යමණ්ඩලයක් ඉන්නවා. වැඩ වැඩියි. ඒත් හවස හතර වෙනකම් කවුරුත් පුටුවල නැති වෙන්නේ නැහැ. වැඩ වැඩි වුණත් ඒ අය නිවාඩු ගන්නෙත් පුළුවන් තරම් අඩුවෙන්. කෙනෙක් නිවාඩු කියලා ඒ වැඩේ කරගන්න එන කෙනාට නිකම් යන්න වෙන්නේ නැහැ. ඒතරම් කැපවීමක් තියෙනවා. තක්සේරු වාර්තා ලබා ගැනීමේ එක්දින සේවා පහසුව දැන් තියෙනවා. ඒ වගේම 'ඔන් ලයින් සර්විස්' එකකුත් තියනවා. අපේ ආයතනයේ වාර්තා නිකුත් කිරීමේදී තනි තීරණ නැහැ. මම සහ නියෝජ්‍ය කොමසාරිස්වරයාගේ නිරීක්ෂණය මත ඒ තීරණවලට යොමු වෙනවා. අනෙක අපට ආවේණික ප්‍රඥප්තියක් තියෙන නිසා එහි පත්වීම්, මාරුවීම්, උසස්වීම් ආදී වශයෙන් හැම දෙයක්ම පැහැදිලියි. ඒ නිසා දේශපාලන බලපෑම් හෝ වෙනත් අයථා බලපෑම් නැහැ.
සාකච්ඡා සහ ඡායාරූප - ලාල් ජයසුන්දර
Leave a Reply