මෙවර දළදා වන්දනාවේදී විශේෂිත පුද්ගලයන්ට (වී.අයි.පි) පාස් නිකුත් කිරීමක් සිදු නොකරන බවත් විදේශ තානාපතිවරුන්ට සහ මහා සංඝරත්නයේ කොටසකට දළදා වන්දනාවට පහසුකම් සලසා ඇති බවත් දළදා වන්දනාවට පැමිණෙන බැතිමතුන්ගෙන් 95% ක්ම සාමාන්‍ය බැතිමතුන්ට අවස්ථාව සලසා දෙන බව මහනුවර සහ මාතලේ ප්‍රදේශ බාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා පවසයි.
මෙවර දළදා වන්දනාවේදී බැතිමතුන්බ සහ බස් වැනි බර වාහන වලින් පැමිණෙන බැතිමතුන් සහ රියදුරන් දැනුවත් කිරීම සඳහා මහනුවර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී පැවතිි මාධ් යහමුවකදී ඒ මහතා ඒ බව අවධාරණය කරමින් වැඩිදුරටත් මෙසේ පැවසීය.
දළදා වන්දනාව සඳහා පෝලිම්වල රැඳී සිටින බැතිමතුන්ගේ ආරක්‍ෂාව සඳහා පොලිස් නිලධාරීන් නිලධාරින් 8500 ක්යොදවා ඇතිි බවත් ආවේක්ෂණ නිලධාරීන් 1000ක් පමණ පොලිම්වල සහ දළදා මාලිගා පරිශ්‍රය තුළ සිටින බවද පැවසීය.
දළදා වන්දනාවට පැමිණෙන බැතිමතුන් වටිනා ස්වර්ණාභරණ ආදිය පැළඳ නොයන ලෙසත් පූජා භාණ්ඩ වශයෙන් අටපිරිකර වැනිදෑගෙන ඒමේදී එය ස්කෑන් කිරීමට සිදුවන බැවින් බැතිමතුන්ටඅනවශ්‍ය කරදරයකට මුහුණ දීමට සිදුවෙන බවද පැවසීය.
දළදා වන්දනාව සඳහා පෝලිම්වල රැඳී සිටින සියලු පුද්ගලයන්ආවෙක්ෂන කැමරා මගින්වීඩියෝ ගත කරන බවත්ඒවා නිරන්තර පරීක්ෂාවටලක් කරන බවදපැවසූනියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් නිලධාරීන් විසින් බැතිමතුන්ට යම් අකටයුත්තක්හෝ ඔවුන්ගේ පිරිස් පෝළිං වලට ඇතුල්් කිරීමක්සිදු වන්නේ ද යන්න සම්බන්ධයෙන්ද එම ආවේක්ෂණ කැමරා පද්ධති මගින්විමර්ශනයට ලක් කරන බවද පැවසීය.
විශාල බස් වලින් පැමිණෙන බැතිමතුන්පේරාදෙණිය මහයාව සහ තැන්නේනේකුඹුරයන ප්‍රදේශවලදීබස්සවා එම බස් රථ ගාල් කොටවෙනත් කුඩා බස්රථ මගින් නගරයටනොමිලයේ ප්‍රවාහනය කිරීමටපියවර ගන්නා බවදඅවධාරණය කළේය.
නගරයේ සිටින යාචකයන්සම්බන්ධයෙන් උසාවි නියෝග ලබාගෙනඔවුන් ඒ සඳහා වූ කඳවුරු වලට යොමුකිරීමටපියවර ගත් බවදනියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
ආබාධිත පුද්ගලයන් ප්‍රධාන වාහල්කඩ සිට දළදා මාලිකා පරිශ්‍රයට කැඳවාගෙන යාම සඳහා රෝද පුටු 100ක්දියවඩන නිලමේවරයා විසින්සම්පාදනය කොට ඇති බවත්ශ්‍රී දළදා මාලිගාව සතුබැටරියෙන් ක්‍රියාත්මකරථ කිහිපයක්දසූදානම් කොට ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවටමහනුවර කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරිඅනුරුද්ධ බණ්ඩාරනායකපොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංගමහනුවර පොලිස් අධිකාරි 1ඩි.සී.ඩී.ඉලංගකෝන්යන මහත්වරුන්ද සහභාගි වූහ.
Leave a Reply