"මේ දිනවල ආයෙ වතාවක් මාධ්‍යවල ප්‍රධාන මාතෘකාව බවට අපි පත්වෙලා. ඒ පිල්ලෙයාන් වෙනුවෙන් පෙනී සිටිම නිසා . ආණ්ඩුවේ නායකයෝ කියනවා පිල්ලෙයාන් කියන්නේ හිටපු කොටියෙක් ඇයි මේ ජාතිකවාදී දේශප්‍රේමී නායකයෙක් ගිහිල්ල ඔහු වෙනුවෙන් පෙනී ඉන්නේ කියලා. ඒ නායකයන්ට අමතක උනාට පිල්ලෙයාන් කියන්නේ හිටපු කොටියෙක් විතරක් නෙමෙයි කොටි ත්‍රස්ත සංවිධානය මේ රටින් මුලුනුපුටා දාන්න තමන්ගේ ජීවිතය කැප කරලා සටන් කරපු හිටපු කොටියෙක් " යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා එළෙස ප්‍රකාශ මෙවර සර්ව ජන බලවේගයෙන් තරග කරන කලවාන ප්‍රදේශයේ අපේක්ෂකයන් වෙනුවෙන් සංවිධානය කර තිබූ ජන හමුවකට ඊයේ ( 17) වනදා සවස සහභාගී වෙමිනි.
එහිදි වැඩිදුරටත් කතා කල උදය ගම්මන්පිල මහතා මෙලෙසද පැවසිය.
" පිල්ලයන් කියන්නේ සැබෑම දේශප්‍රේමියෙක්. ඔහු කොටි සංවිධානයේ ඉඳලා හයදාහක පමණ පිරිසක් සමග කඩාගෙන මේ පැත්තට ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙලා කොටි පරාජය කරන්න ඔහු ලබාදුන් දායකත්වයේ නොතිබුණානම් කොටි පරාදිය සමහරවිට නොතිබෙන්න තිබුණා. එහෙමනම් එවැනි අයට කෙළෙහිගුණේ දක්කන්න අපි දැනගන්න ඕනි.
සමහරු අපෙන් අහනවා එහෙමයි කියල ත්‍රස්තවාදියෙකුට ඒ කාලේ කරපු අපරාධ අමතක කරන්න පුලුවන්ද කියලා. ඔව් අපරාධවලට දඩුවම් දෙනවනම් හැමෝටම දඩුවම් දෙන්න ඕනි. කොටි ත්‍රස්තවාදියා වෙනුවෙන් අන්තිම දවස වෙනකම් පෙනී ඉඳලා , අන්තිම දවසෙත් අපේ රණවිරුවන්ගේ ජීවිත බිලි අරගෙන අහිංසක ජනතාවගේ ලේ ඊරී මාංශයේ උරාබීපු කොටි අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙලා ඉද්දි, දැවැන්ත ව්‍යාපාරයකු වෙලා ඉද්දි , එන්.ජී.ඕ නායකයෝ වෙලා ඉදිද්දි කොටියට විරුද්ධව සටන් කරපු කෙනා විතරක් ඒ කාලේ කරා කියලා චෝදනාවක් නගලා අත්අඩංගුවට ගන්නවා .
මේක හරිද ? . එක්කෝ ඔක්කොටම දඩුවම් කරන්න ඕනේ. එක්කෝ ඔක්කොම ජාති පටන් ගන්න ඕනි ජනාධිපතිතුමාගේ . එයත් ත්‍රස්තවාදියෙක් . 88.89 භීෂණය කාලේ දකුණේ ත්‍රස්තවාදියෙක්. ඇමති මණ්ඩලයේත් ඉන්නවා ත්‍රස්තවාදීන් අතිවිශාල සංඛ්‍යාවක්. දඩුවම් කරනවා නම් සියලුම ත්‍රස්තවාදීගේ ත්‍රස්තවාදී ක්‍රියාවලට දඬුවම් කරන්න ඕන.
හැබැයි මේ රට තීරණය කළේ උතුරේ වේවා දකුණේ වේවා ත්‍රස්තවාදීන් සියලු දෙනාට සමාව දීලා අමතක කරන්න. එහෙම කරලා කොටි ත්‍රස්තවාදය වෙනුවෙන් අන්තිම මොහොත දක්වා පෙනී හිටපු කෙනාට නිදහසේ ඉන්න ඉඩ දීලා කොටියා අල්ලන්න අන්තිම මොහොත වෙනකම් සටන් කරපු කෙනාව අල්ලලා හිරේ දානව කියන්නේ මොකද්ද ? මේ ආණ්ඩුව කොටින්ගේ ආණ්ඩුවක් .
කොටින්ට තුටු පඬුරු දෙන ආණ්ඩුවක්. කොටින්ව සතුටු කරන්න කොටියට විරුද්ධව අපිට එකතු වුන කෙනාව කොටියටම පාවදෙනෙන ආණ්ඩුවක්. අන්න ඒ මහා පාවාදීමට එරෙහිවයි මම පිල්ලෙයාන් වෙනුවෙන් පෙනී සිටින්න තීරණය කලේ. පිල්ලෙයාන් ත්‍රස්තවාදීයෙක් නම් ජනාධිපති අනුර කුමාර දිසානයකත් ත්‍රස්තවාදීයෙක්. ඒ වගේම පිල්ලෙයාන් දේශ දෝහියෙක් වෙනවනම් අපේ කැප්පෙටිපොළ පොළ නිළමේතුමාට මොකද වෙන්නේ ?. කැප්පෙටිපොළ නිළමේතුමාත් උඩරට ගිවිසුමට අත්සන් කලා.
අපේ රටේ ජනතාව නිදහස් අරගලය පටන් ගද්දි ඒ නිදහස් අරගලය තලා දාන්න ඉංග්‍රීසි ආණ්ඩුව එවුවේ කැප්පෙටිපොළ නිළමේතුමාව . එතුමා ඊට පස්සෙ හරි පිල තෝර ගත්ත නිසා එතුමාව අද දේශප්‍රේමී වීරයෙක් විදියට , ජාතික වීරයෙක් විදියට සලකනවා. පිල්ලෙයාන් කලෙත් ඒකම නෙමෙයිද ? . පිල්ලෙයාන් කියන්නේ අවුරුදු දහ හතරෙදි පැහැරගෙන ගිහිල්ලා බලහත්කාරයෙන් කොටි සංවිධානයට බදව ගත්ත ළමා සොල්දාදුවෙක්. ඒ ළමා සොල්දාදුවා තමන්ට තේරෙන වයස එනකොට කොටි සංවිධානය අතහැරලා එලියට ආවා විතරක් නෙමෙයි අපේ හමුදාවත් එක්ක එකතු වෙලා කොටි ත්‍රස්තවාදය මේ රටින් තුරන් කරන්නට සටන් කලා. තමන්ගෙ ජීවිතය පරදුවට තියලා සටන් කලා.
එහෙම කරපු කෙනෙකුට කෙළෙහිගුන දක්වන්න දන්නේ නැතිනම් මේ රටේ බෞද්ධයෝ නැහැ. අනිමිස ලෝචන පූජාවෙන් බෝ ගහටත් කෙළෙහිගුන දක්වපු බුදු හාමුදුරුවන්ව විශ්වාස කරපු මිනිස්සු මේ රටේ ඉන්න විදියක් නැහැ . ආණ්ඩුව නිරාගිමික වෙන්න ඇති. හැබැයි මේ රටේ බහුතරයක් ජනතාව කෙළෙහිගුණ දන්න , බුදු දහම දන්න අය නිසා පිල්ලියාන්ව එහෙම දඩුවම් කරලා කොටින්ව සතුටු කරන්න මේ ආණ්ඩුවට අපි ඉඩ තියන්නේ නැහැ කියලා ඉතාම වගකීමේන් ප්‍රකාශ කරනවා.
මිත්‍රවරුනි මේ ආණ්ඩුවට තාම මාස හතයි . මේ ආණ්ඩුව මාස හතට මොකද කළේ?. පොරොන්දු ගොඩක් ඉටු කළානේ ? . ඡන්දය දෙන්නම වටිනවා. මොනවද අපිට දුන්න පොරොන්දු. 2022 ජුනි 22 වෙනිදා ජනාධිපතිවරයා කියනවා අපිට ජනාධිපති ධුරයයි, අගමැති ධුරයයි ඇමති මණ්ඩලයයි තුනම දුන්නොත් මාස හයෙන් මේ රට ගොඩදානවා කියලා. මිත්‍රවරුනි දැන් ජනාධිපතිකම දීලද? ඔව් ඒක මාලිමාවේ. අගමැතිකම දීලද ? ඔව් ඒකත් මාලිමාවේ. ඇමති මණ්ඩලේම දීලද ඔහු ඒකත් මාලිමාවේ.
ඒ විතරක් නෙමෙයි මදී නොකියන්න ,දෙන එක රිදෙන්නම දෙන්න එපැයි පාර්ලිමේන්තුවෙත් තුනෙන් දෙකක් දීලා තියෙනවා. දැන් කෙඳිරි ගාන්න බෑ. දෙන්න ඕන ඔක්කොම දීලා තියෙන්නේ. මාස හතක් ගිහිල්ලා ඉවරයි . රට ගොඩ දැම්මද ? . කියල තියෙන්නෙ බොරු.
ඒ විතරක් නෙමෙයි මේ ආණ්ඩුව අපිට කිව්වේ බලයට පැමිණි වහාම අසාධාරණ බදු අයින් කරලා ඇමතිවරුන්ගේ කොමිස් අයින් කරලා පෙට්‍රල් ලීටරය , ඩීසල් ලීටරය රුපියල් 150ට දෙනවා කියලා. අනේ අම්මේ වැඩියෙන්ම සතුටක් ආවේ අපේ ත්‍රීරෝද රථ මල්ලිලාට. ඒගොල්ලෝ මොකක්ද කරේ ගැහුව ත්‍රීවිල් එක පිටිපස්සේ ස්ටීකර් එකක් "මේ පාර අපි මාලිමාවට " . අන්තිමට මොකද වුණේ? . මේගොල්ලෝ එකසිය පනහට පෙට්‍රල්, ඩීසල් නොදුන්නා විතරක් නොමෙයි. තමන්ගේ දරුවා වගේ ආදරයෙන් බලා ගන්න ත්‍රීරෝද රථය .
ත්‍රීරෝද රථ මල්ලිලාගේ ආදරය තියෙන්නේ බිරිදට , දරුවන්ට වඩා ත්‍රීරෝද රථයට. අනේ ඒ ත්‍රීරෝද රථය ලස්සන කරලා තියෙන ටික පොලිසියෙන් ගලවනවා. 150 ට පෙට්‍රල්, ඩීසල් දෙන්නැතුව හිටියා විතරක් නෙමෙයි මේ ආණ්ඩුව මොකද කරේ අර වාහන ලස්සන කරලා තියෙන ටිකත් ගලවලා දැම්මා . දැන් ත්‍රීවීලර් වල ගහලා තියෙන්නේ " මාලිමාව කර්මය ලෙසද පැමිණිය හැක " කියලා . ඒ හින්ද මම ඔබලගෙන් ඉල්ලා සිටිනවා බොරුවෙන් තොර රටක් හදන්න මෙවර සර්ව ජන බලවේගයේ අපේක්ෂකයන්ට ඡන්දය දීලා ඔහුන් දිනවන්න කියා යැයි ඒ මහතා ප්‍රකාශ කළේය.
කලවාන උපේන්ද්‍ර
Leave a Reply