පාස්කු ඉරුදින ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ස්වාධීන සහ අපක්ෂපාතී විමර්ශනයක් සහතික කිරීම සඳහා වත්මන් රජය ඇතැම් ධනාත්මක පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව 2025 පාස්කු දිනය සඳහා පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව මේ දක්වා ගෙන ඇති උත්සාහය අගය කරන අතරම, කඩිනමින් සහ යුක්තිය පිළිබඳ කාරණයක් ලෙස විමර්ශනවල අවසාන ලක්කය විය යුත්තේ අපරාධකරුවන් සහ ඊට ආධාර අනුබල දුන් පුද්ගලයන් කවුරුන්ද යන්න තහවුරු කර ගැනීම බවද අවධාරණය කරන බව මෙහි සඳහන් කර ඇත.
එහි වැඩිදුරටත් මෙලෙස සඳහන් කර තිබේ.
“පාස්කුව කිතුනු ඇදහිල්ලේ හදවත වන අතර, කිතුනු දින දර්ශනයේ වඩාත්ම උත්සවාකාරයෙන් සමරනු ලබන වාර්ෂික මංගල්‍යයයි. මේ වසරේ අප ජේසුස් ක්‍රිස්තුස් සමිඳානන් වහන්සේගේ ජුබිලි වසර සමරද්දී ක්‍රිස්තුස් වහන්සේගේ බලාපොරොත්තුව අපව ඉච්ඡාභංගත්වයට පත් නොකරන බලාපොරොත්තුව, වැලඳ ගැනීමට සහ ඒ තුළ අලුත් වීමට, අපගේ විශ්ව එඬේරාණන් වන ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමාණෝ අපෙන් ඉල්ලා සිටිති. මෙම බලාපොරොත්තුව වෙත ඇදී යාමට සහ එය සොය යන සෑම දෙනා අතර අපගේ සාක්ෂි දැරීම මගින් එය පතුරුවා හරීමටත්, ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමාණෝ අපට ඇරයුම් කරති.
මිනිස් ජීවිතයේ පාරිශුද්ධභාවය නව ජවයකින් ප්‍රවර්ධනය කිරීමට පාස්කුව අපට ඇරයුම් කරයි. මේ අනුව, ප්‍රජනනයට බාධා කිරීම, ගබ්සා කිරීම සහ වෙනත් ආකාරයේ ඝාතනයන් සහ මිනිස් ජීවිතය විනාශ කිරීම වැනි මිනිස් ජීවිතය ප්‍රවර්ධනය කිරීමට අහිතකර වන සියල්ල හෙළා දැකීමට අප කැඳවනු ලැබේ.
2019 දී කතෝලික සහ අනෙකුත් ක්‍රිස්තියානි දේවස්ථානවල අහිංසක බැතිමතුන්ද වෙනත් ස්ථානවල සිටි මිනිසුන්ද ඉලක්ක කර ගනිමින්, සිය ගණනක් මිනිසුන් ඝාතනයට ලක් කරමින් සහ තුවාල සිදු කරමින්, එල්ල කරන ලද පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ හයවන සංවත්සරයද මෙම පාස්කු ඉරු දින සනිටුහන් කෙරේ. මෙම ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳ ස්වාධීන සහ අපක්ෂපාතී විමර්ශනයක් සහතික කිරීම සඳහා වත්මන් රජය විසින් යම් යම් ධනාත්මක පියර ගෙන ඇති බව අපි නිරීක්ෂණය කරමු.
මේ දක්වා ගෙන ඇති උත්සාහය අගය කරන අතරම, කඩිනමින් සහ යුක්තිය පිළිබඳ කාරණයක් ලෙස විමර්ශනවල අවසාන ලක්කය විය යුත්තේ අපරාධකරුවන් කවුරුන්ද යන්න සහ මෙම ම්ලේච්ඡ ක්‍රියාවට ආධාර අනුබල දුන්නවුන් කවුරුන්ද යන්න තහවුරු කර ගැනීම බවද අපි අවධාරණය කර සිටිමු. අප රට නායකයන්ට ප්‍රඥාව සහ ධෛර්ය මෙන්ම වින්දිතයන්ට සැනසීම සහ සුවය ලබා දෙන ලෙස අපි දිගින් දිගටම යාච්ඥා කරමු.”
Leave a Reply