සිංහල අළුත් අවුරුද්ද නිමිත්තෙන් සංවිධානය කළ බක්මහ උළෙලක ග්‍රීස් ගහ සකස් කරමින් සිටි දහසය හැවිරිදි පාසල් සිසුවෙකු එම ගසෙන් වැටීමෙන් මියගොස් ඇතැයි පිටිගල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ නොම්මර 676,දෙනියවත්ත,අමුගොඩ ලිපිනයේ පදිංචි කාරියවසම් කනත්තගේ චේනක නිවන්දන නැමැති 16 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකි.
මෙම සිසුවා අමුගොඩ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබා ඇති අතර මෙවරඅධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකු බවද පොලිසිය පවසයි.
අමුගොඩ කනත්තෙගොඩ පන්සල අසල පිහිටි ක්‍රීඩාපිටියේ අද (17) වන දින පැවැත්වීමට නියමිතව තිබූ මෙම බක්මහ උළෙල සංවිධානය කර ඇත්තේ එම ප්‍රදේශයේම සිටින තරුණකැළක් විසිනි.
ඔවුන් පෙරේදා(16) රාත්‍රි එම බක්මහ උළෙලේ තරඟ සඳහා අවශ්‍ය දෑ සකස් කරමින් සිට ඇත.එම අවස්ථාවේ මෙම සංවිධායක මණ්ඩලයේ පිරිසක් විසින් ග්‍රීස් ගස ඉදිකරමින් සිට ඇත.අඩි 38 ක් පමණ උසට සකස් කර තිබූ මෙම ග්‍රීස් ගසේ මුදුනේ කොඩිය සවිකිරීමට මෙම පාසල් සිසුවා අඩි 18 ක් පමණ උස ඉනිමගක් තබා එහි නගිමින් සිටියදී සිදුවූ කිසියම් අත්වරදීමකින් ඉන් පහළට වැටී ඇති අතර තුවාල ලැබූ එම සිසුවා ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇති බවත් ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බවත් පොලිසිය පවසයි.
එම මළසිරුර ඇල්පිටිය මූලික රෝහල් මෘතශරීරාගාරයේ තැන්පත් කර තබා ඇති අතර හදිසි මරණ පරීක්ෂක එස්.එච්.ජගත්ලාල් මහතා විසින් අද (17) සවස පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිර්‍රිමට නියමිතව තිබුණි.
ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරී අජිත් ප්‍රසන්න මහතාගේ උපදෙස් පරිදි පිටිගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක යොහාන් මධුශංක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර
Leave a Reply