වසර තිස් පහකට පසු ශ්රී ලාංකීක තරගකාරිනියක් විසින් ලෝක විවාහක රූ රැජින කිරුල දිනාගැනීමට අද සමත් වී ඇත. ශ්රී ලංකාව නියෝජනය කළ කැරොලින් ජූරි මෙම ජයග්රහණය හිමිකර ගැනීමට සමත්ව ඇති අතර ඒ ඇමෙරිකාවේ ලාස්වේගාස් නුවරදී පැවත්වුනු අවසන් මහා තරගයේදීය.
මීට පෙර මෙම කිරුල ශ්රී ලාංකිකයෙකු ලෙස දිනාගෙන ඇති එකම කාන්තාව වනුයේ 1984 ලෝක විවාහක රූ රැජින කිරුළ දිනු රෝසි සේනානයක මහත්මියයි.
කැරොලින් ශ්රී ලංකාවේ විවාහක රූ රැජින ලෙස කිරුළ පැළැඳි අවස්ථාව


