ජාත්‍යන්තර දූෂණ විරෝධී දින සැමරුමට සමගාමීව 'අවංක රාජ්‍ය සේවකයින් ඇගයීම' වෙනුවෙන් 'ඉන්ටෙග්රිටි අයිකන්' නමින් සම්මාන උළෙලක් ඊයේ (09දා) කොළඹ 07, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
මෙම සම්මාන උළෙලේදී අවංකම රාජ්‍ය සේවකයා ලෙස මහජන මනාප 20,000කට අධිකව ලබාගත් මතුගම ශාන්ත මරියා විද්‍යාලයේ විදුහල්පති පී.ඒ.සී. ප්‍රියදර්ශනී මෙනවියට සම්මානය හිමිවිය.
එමෙන්ම එහිදී ශ්‍රී ලංකා රේගු මධ්‍යම විමර්ශන කාර්යංශයේ සහකාර රේගු අධිකාරී ඒ.එම්.ඒ.එස්. අමරසිංහ මහතා, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් බී.කේ.පී. චන්ද්‍රකීර්තී මහතා, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, විරුගල් ප්‍රාදේශීය ලේකම් කේ. කුණානාදන් මහතා, යාපනය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ටී. සත්‍යමූර්ති මහතා ඇගයුම් සම්මානවලින් පිදුම් ලැබීය.
මෙම වැඩසටහන පුරවැසියන් විසින් අවංක රාජ්‍ය නිලධාරීන් හඳුනාගැනීම උදෙසා ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන්නකි. අවංක රාජ්‍ය සේවකයන් හඳුනා ගනිමින් ඔවුන්ට සමාජ පිළිගැනීමක් ඇති කරමින් ආදර්ශමත් රාජ්‍ය සේවයක් සඳහා වන චරිත බිහි කිරීම මෙහි අරමුණ වේ.
නව පරම්පරාවට වඩාත් ඵලදායී හා අවංක රාජ්‍ය සේවකයන් පිරිසක් බවට පත් වීමට අවශ්‍ය පෙළඹ වීම ලබාදීමද මෙමගින් අපේක්ෂා කරනු ලැබේ.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා සහභාගි වූ අතර, මෙම සම්මාන උළෙල ට්‍රාන්ස්පේරන්ස් ඉන්ටර්නැෂනල් ආයතනය විසින් සංවිධානය කර තිබිණි.
ඡායාරූප - ඉසුරු පෙරේරා