74 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙත පිදෙන සාම්ප්‍රදායික වෙඩිමුර උත්තමාචාරය නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේ දී, අද (04දා) 12.00 පැයට එම නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් මාලන් පෙරේරා ගේ මෙහෙයවීමෙන් සිදු කෙරිණි.
වෙඩි මුර උත්තමාචාරය පැවැත්වෙන අවස්ථාවේ නෞකාවේ කුඹගසෙහි විශේෂ ධජ සැරසිල්ලක් සිදුකරනු ලබන අතර, ධජ මගින් කියවෙන ඉංග්‍රීසි අක්ෂර සහ ඉලක්කම් උපයෝගී කරගනිමින් වෙඩිමුර උත්තමාචාරය “ 25 Gun Salutes for the Nation” ලෙස අර්ථ ගැන්වෙන ලෙස ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේ කුඹගස සැරසීම සිදු කෙරිණි.
74 වැනි ජාතික නිදහස් දින උළෙලට සමඟාමීව ජාතිය වෙනුවෙන් වෙඩිමුර 25ක් පැවැත්වීම ශ්‍රීලංනානෞ ගජබාහු නෞකාවේ සවිකළ බ්‍රසීලයේ නිශ්පාදිත මිලි මීටර 47 වර්ගයේ අවි 04ක් මඟින් සිදුකරන ලද අතර, ආචාර වෙඩිමුර කණ්ඩායම ශ්‍රීලංනානෞ ගජබාහු නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් මාලන් පෙරේරා, විධායක නිලධාරී කොමාණ්ඩර් ඩීඑම්ඒබී දසනායක සහ අවි නිලධාරී ලුතිනන් කොමාණ්ඩර් අයිඒඩබ්බී ඈගල්ල යන නිලධාරීන්ගෙන් සමන්විත විය.





