2019 – 2020 ශ්‍රි පාද වන්දනා වාරය ඊයේ (07දා) දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ බව සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක, පැල්මඩුල්ල ශ්‍රී රජමහා විහාරස්ථානයේ විහාරාධිපති , ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ පැවසිය.
මේ අනුව චාරිත්‍රානුකුලව ශ්‍රි පාද උඩ මළුවේ අද (08දා) දින උදැසන පැවැත් වු තේවාවන් සහ විශේෂ ආගමික වතාවන් වලින් අනතුරුව ශ්‍රි පාද උඩ මළුවේ වැඩම කර තිබු සාධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථාන දක්වා ලක්ෂපාන යුධ හමුදා කදවුරේ භට පිරිස් විසින් වැඩම කරවීය.


ඉන් අනතුරුව සාධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ විශේෂ රන්සිලි ගෙයක තැන්පත් කර බගවන්තලාව, බලංගොඩ මාර්ගය ඔස්සේ ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරස්ථානය වෙත වැඩම කර විශේෂ පුජාවන් ගණනාවක් එහි පවත්වා ශ්‍රි පාද අවාරය අවසන් වන තෙක් එහි තැන්පත් කර තැබෙයි.