නවීකරණය කරන ලද කොළඹ, මල් පාරේ පිහිටි “සිරිමතීපාය” අග්‍රාමාත්‍ය කාර්යාලය අද (20) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.
සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිවරයා කාර්යාල පරිශ්‍රයේ තැන්පත් කර ඇති බුද්ධ ප්‍රතිමාවට මල් පූජා කිරීමෙන් අනතුරුව රාජකාරී ආරම්භය සංකේතවත් කළේය.
නවීකරණය කරන ලද කාර්යාලයේ ප්‍රදර්ශනයට තබා ඇති ඡායාරූප නැරඹූ ජනාධිපතිවරයා කාර්යාල පරිශ්‍රය නිරීක්ෂණය කළේය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව හිටපු අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මන්දිරයේ ප්‍රතිසංස්කරණය සිදු කර තිබේ.
ඇල්බට් එම්මානුවෙල් ද සිල්වා මහතා විසින් සිය පුත් ශ්‍රීමත් ඇල්බට් අර්නස්ට් ද සිල්වා මහතා වෙනුවෙන් මෙම දෙමහල් මන්දිරය වර්ෂ 1916 දී ඉදිකර තිබේ. එතුමාගේ අභාවයෙන් පසු වර්ෂ 1960 දී පවුලේ සාමාජිකයන් විසින් එය රජයට පවරා දෙනු ලැබිණ.
අධ්‍යාපන හා ගුවන් විදුලි අමාත්‍යාංශය, පළාත් පාලන හා නිවාස ඉදිකිරීම් අමාත්‍යාංශය එකළ සිරිමතීපායෙහි පවත්වාගෙන ගොස් ඇති අතර වර්ෂ 1978 දී එවකට අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මහතා විසින් සිරිමතීපායෙහි අග්‍රාමාත්‍ය කාර්යාලය පිහිටුවීය.
වසර සියයකට වඩා අධික “සිරිමතීපාය” පැරණි සැලසුමට අනුවම පූර්ණ නවීකරණයට ලක් කොට ඇත්තේ වසර 44කින් පසුව ය.
නවීකරණය කරන ලද අග්‍රාමාත්‍ය කාර්යාලයේ සමාරම්භය සනිටුහන් කරමින් ජනාධිපතිතුමා හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරු සමග ඡායාරූපයකට පෙනී සිටියේය. අනතුරුව සමරු පොතෙහි සටහනක් ද තැබීය.









