රට තුළ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීමට ප්‍රතිකාර මෙන්ම නිවාරණ අංශ ද ශක්තිමත් විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙයි.
එබැවින් සෞඛ්‍ය ක්ෂේත්රයේ ඉදිරි සැලසුම්වල දී රෝග වැළැක්වීමේ සහ නිවාරණය කිරීමේ අංශ සඳහා ද ප්‍රමුඛතාවයක් හිමිවීමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ හම්බන්තොට ඉදිකරන ලද අංග සම්පූර්ණ නව රෝහල ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට ඊයේ (01දා) පස්වරුවේ එක් වෙමිනි.
නෙදර්ලන්ත ණය ආධාර යටතේ රුපියල් මිලියන 7000ක වියදමින් මෙම රෝහල ඉදිකර තිබෙන අතර, ඇඳන් 850කින් යුක්ත රෝහල නවීන වෛද්‍ය උපකරණ ශල්‍යාගාර, දැඩිසත්කාර ඒකක, බාහිර රෝගි සත්කාර ඒකක, ඖෂධාගාර, රුධිර පාරවිලයන මධ්‍යස්ථාන මෙන්ම වෛද්‍යවරුන්, හෙදියන් සඳහා නව නිල නිවාසවලින් ද සමන්විත වේ.
රෝහලට යාබදව වකුගඩු කාන්දු පෙරණ ඒකකයක් ද ඉදිකරමින් පවතින අතර 2020 වන විට එහි කටයුතු අවසන් කිරිමට නියමිතය.
මෙම රෝහලේ ඉදිකිරීම් 2012 වසරේ දී මෛතී‍්‍රපාල සිරසේන මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී ආරම්භ කෙරිණි.
සමරු ඵලකය නිරාවරණය කර නව රෝහල ජනතා අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.







