කොරෝනා වසංගතය හේතුවෙන් බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පැනවීමත් සමඟ තාවකාලිකව නවතා දැමූ දුම්රිය ගමන් අද යළිත් ආරම්භ කළ අතර බෙලිඅත්තේ සිට කොළඹ බලා සීමිත මගීන් පිරිසක් රැගෙන සාගරිකා දුම්රිය පිටත් විය.
කොරෝනා වසංගතය හේතුවෙන් බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රිය ගමන් සියල්ලම තාවකාලිකව නවතා දමා තිබිණි. බස්නාහිර පළාතට අද ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ යළිත් බෙලිඅත්තේ සිට දුම්රිය ගමන් ආරම්භ වූ අතර අද අළුයම 4.30ට සාගරිකා දුම්රිය බෙලිඅත්තේ සිට මරදාන බලා පිටත් විය.
මගීන් පනහකට ආසන්න පිරිසක් පමණක් බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් පිටත් වූ අතර සියලුම මගීන් මුහුණු ආවරණ පැළඳ සිටිනවාදැයි පරීක්ෂා කර ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කර දුම්රිය ස්ථානයට ඇතුළු කර ගැනීමට නිලධාරිහු ක්රියාකළහ.


