ලෝක උරුම සීගිරිය අභයභූමියේ සීගිරි පව්ව පෙනෙන මානයේ මහා පරිමාණ බොරළු පස් කැපීමේ සිද්ධියක් ක්‍රියාත්මක වන බවත් එය මැඩලීමට හෝ වළකාලීමට කිසිදු අයෙකු ඉදිරිපත් නොවන්නේ කුමන බලයක් නිසාදැයි සීගිරිය සුරැකීමේ සංවිධානය ප්‍රශ්න කර සිටි.
සීගිරිය අභයභූමිය ආරක්ෂා කර ගැනීමේ වගකීම පැවරී ඇත්තේ වනජීවී දෙපාර්තමේන්තුවට බවත් වන ජීවී දෙපාර්තමේන්තුවේ කාර්යාලය ආසන්නයේ සිට කිලෝමීටර් කිහිපයක් දුරකින් සීගිරි පව්වට කිලෝමීටරයකටත් වඩා අඩු දුරකින් මෙම මහා වනාන්තරය මැද රූස්ස ගස් ඩෝසර් කොට විනාශ කර දමා වසර ගණනාවක සිට ඉතා හොර රහසේ විශාල වලවල් හාරා බොරලූ රැගෙන යාම සිදුවන බවත් ජනතාව පෙන්වා දෙති.
වසර කිහිපයක සිට ඉතාමත් හොර රහසේ මෙය පවත්වාගෙන ගොස් තිබෙන බවත් එතෙක් වන ජීවීන් නිලධාරීන් මෙය නොදැක්කාසේ සිටියේ කෙසේදැයි ඔවුහු වැඩිදුරටද ප්‍රශ්න කරති.
සීගිරිය වන ජීවී කාර්යාලයේ නිලධාරිනියකගෙන් 19 දින පෙරවරුවේ විමසීමේදී ඇයද කියා සිටියේ ඔවුන්ගේ බලය ඇති සීගිරිය අභයභූමියේ ඇති විද්‍යුත් තාක්ෂණික මෙවලම් උපයෝගී කරගෙන චන්ද්‍රිකා තාක්ෂණ අනුව පරීක්ෂණයේදී වසර කිහිපයක සිට මෙය සිදුවන බවට නිරීක්ෂණය වූ බවය.
කෙසේ වෙතත් කිසිදු අවසරයක් හෝ අනුදැනුමකින් තොරව එය සිදුවන බවත් මෙසේ විනාශයක් සිදුවන්නේ සිගිරි අභයභුමිය තුල බවද පැවසුවාය.
කෙසේ වෙතත් මෙම මහා පරිසර විනාසය සිදු කරනු ලබන්නේ කවුරුන් විසින්ද යන්න මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බවත් සීගිරිය වනජීවී කාර්යාලයේ ස්ථාන භාර නිලධාරී වනසත්ව අඩවි ආරක්ෂක එස්.එස් මලින්ද මහතාගෙන් විමසීමේදී කියා සිටියේය.
සීගිරි අභයභූමිය තුළ මෙවැනි මහා පරිමාණ බොරළු වළක් සදහා කිසිදු අවසර පත්‍රයක් ලබා දී නොමැති බවත් පෞද්ගලික ඉඩමක වුවද පස් කැණීම් සඳහා විධිමත් නීතිමය ක්‍රියාවලියක් රාමුවක් පවතින බවද හේතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් මේ පිළිබඳව තමන් කඩිනමින් ක්‍රියාවලිය සිදුකරන්නේ කවුරුන්ද යන්න සොයා බලා නීතිය ක්‍රියාත්මක කරන බවය.
සීගිරිය සුරැකීමේ සංවිධානයේ සභාපති ලයනල් ගුණසේකර මහතා සඳහන් කළේ තමන් 1970 ව දශකයේ සිට සිගිරි
පුරවරයේ සංචාරක ක්ෂේත්රයේ නිරතව සිටින බවය. එදා සිට අද දක්වා ප්‍රදේශයේ ජනතාවට අභයභූමියේ සහ පුරාවිද්‍යා රෙගුලාසි යටතේ වැසිකිළි වළක් හෝ කපා ගැනීමට ඉඩහසර නොමැති බවය.
එවැනි වකවානුවක මේ හා මහා පරිමාණ් යන්ත්‍ර සූත්‍ර යොදාගෙන සීගිරි අභයභූමිය විනාශ කරන්නට ශක්තිය බලය ජවය ලබා දුන්නේ කවුරුන්ද යන්න වහා රටට හෙළි කළ යුතු බවය.
තමන් ඇතුළු කණ්ඩායම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්වෙන සංවර්ධන කමිටුවේදී මෙය ප්‍රශ්න කරන බවද සඳහන් කරන්නට විය. මෙම බොරළු කැපීමේ ක්‍රියාවලිය වසර ගණනාවක සිට ඉතාමත්ම සීරුවෙන් සිදු කරගෙන ඇති බව තමන්ට ස්ථාන පරීක්ෂණයේදී දැකගැනීමට හැකි වූ බවද ලයනල් ගුණසේකර මහතා සඳහන් කළේය.



