කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ රථවාහන තදබදය අවම කිරිම සදහා වඩා සුදුසු විකල්පය ලෙස හදුනා ගත් සමුද්‍රීය මාර්ගයේ නව කොටස් දෙකක් වන කොල්ලුපිටිය සිට ස්ටවුට් පෙදෙස දක්වා මාර්ග කොටසත් වැල්ලවත්ත සිට දෙහිවල දුම්රිය ස්ථානය දක්වා වූ මාර්ග කොටසෙත් ඉදිකිරිම් කටයුතු අවසන් අදියරේ පවතින බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
අමත්‍යවරයා මෙම අදහස් පල කලේ සමුද්‍රීය මාර්ගයේ ඉදිකිරිම් වල වත්මන් තත්ත්වය සමාලෝචනය කිරිම සදහා පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.
මෙම ප්‍රගති සමාලෝචන රැස්වීම අද දින (2015-08-16) අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සහ ව්‍යාපෘතිභාර අධ්යක්ෂවරයා ඇතුලු ඉංජිනේරුවරුන්ගේ සහභාගීත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි
මංතීරූ 4ක් සහිත කොල්ලුපිටිය සිට ස්ටවුට් පෙදෙස දක්වා මීටර් 600ක මාර්ග කොටස සදහා රුපියල් මිලියන 220ක් වැය කර ඇති අතර මංතීරූ 4ක් සහිත වැල්ලවත්ත සිට දෙහිවල දුම්රිය ස්ථානය දක්වා වූ කිලෝමීටර් 1.2ක මාර්ග කොටස සදහා රුපියල් මිලියන 420ක් වැය කර ඇත.
මෙම සම්පූර්ණ සමුද්‍රීය මාර්ගය ස්ටවුට් පෙදෙස අසල සිට කොල්ලුපිටිය, බම්බලපිටිය, ගල්කිස්ස හරහා දෙහිවල දක්වා කිලෝ මීටර් 7.8කින් යුක්ත වේ. මෙම මාර්ගය දෙපස NDB බැංකුවේ අනුග්‍රහය මත මූදිල්ලා පැල රෝපනය කර ඇත.
එමෙන්ම මාර්ගයේ දෙපස පදික වේදිකා ඉදිකිරිම, මාර්ග සංඥා පුවරු ඉදිකිරිම, ජලාපවහන පද්ධතිය සකස් කිරිම, වාහන නැවැත්වීමේ පහසුකම්, වීදිලාම්පු ප්‍රතිස්ථාපනය කිරීම යනාදී යටිතල පහසුකම් සංවර්ධනය කර ඇත.





