සති අන්ත නිවාඩුවත් සමග හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණි විශාල වන්දනාකරුවන් පිරිස අතරින් ඇතැම් වන්දනාකරුවන් පරිසරයට විශාල වශයෙන් ප්ලාස්ටික්, පොලිතීන් ඇතුළු ඝන අපද්‍රව්‍ය මුදා හැර ඇති බව මස්කෙලිය ප්‍රාදේශිය සභාපත පැවසිය.
නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ ප්ලාස්ටික්, පොලිතින් ඇතුළු ඝන අපද්‍රව්‍ය බැහැර කිරිම සඳහා කැලි කසල බදුන් සවි කර ඇතත් , එම කැලි කසල බදුන් වලට ප්ලාස්ටික්, පොලිතින් ඇතුළු ඝන අපද්‍රව්‍ය ක්‍රමවත් ආකාරයෙන් බැහැර නොකර පරිසරයට මුදා හැර ඇති බවයි මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ සේවකයින් කියා සිටියේ.
දිනපතා ශ්‍රි පාද ඉදිකටු පහණ සිට නල්ලතන්නිය දක්වා ඇතැම් වන්දනාකරුවන් විසින් පරිසරයට මුදා හැර ඇති ප්ලාස්ටික්, පොලිතින් ඇතුළු ඝන අපද්‍රව්‍ය ප්‍රාදේශිය සභාව විසින් එක්රැස් කරන බව වන්දනාකරුවන් දැක දැක ඇතැම් වන්දනාකරුවන් විසින් පරිසරය පිලිබදව කිසිදු තැකිමක් නොකර කටයුතු කරන බව සේවකයින් කියා සිටින්නේ.
වන්දනාකරුවන්ට අමතරව නල්ලතන්නියේ සංචාරක හෝටල් සහ ආපනශාලා හිමියන්ද ප්ලාස්ටික් වතුර බෝතල් විශාල වශයෙන් එකතු කර ප්‍රාදේශිය සභාව වෙත භාරදෙන බවත්, මේ වන විට මස්කෙලිය ප්‍රාදේශිය සභාව යටතේ පාලනය වන නල්ලතන්නිය කැලි කසල ප්රතිචක්රිකරණ මධ්‍යස්ථානයේ ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කර මාස තුනක් වැනි කලයක් තුල ටෝන් දහයකට අධික ප්ලාස්ටික්, පොලිතින් ඇතුළු ඝන අපද්‍රව්‍ය එක්රැස් කර ඇති බවයි නල්ලතන්නිය කැලි කසල ප්රතිචක්රිකරණ මධ්‍යස්ථානයේ කලමණාකාරු ඒ.ඩබ්ලිව්.හේමන්ත මහතා කියා සිටියේ.







