සංචාරකයන් 5005ක් රැගත් සුඛෝපභෝගී නෞකා තුනක් කොළඹ වරායට සේන්දු වී තිබේ. ඒ අනුව මගීන් 1952ක් හා කාර්ය මණ්ඩලය 872කින් සමන්විත Sun Princess නෞකාව පසුගියදා කොළඹ වරායට පැමිණ තිබේ.
අද දිනයේදී මගීන් 2470ක් හා කාර්ය මණ්ඩලයේ 1425ක රැගත් Queen Mary 02 නෞකාව අද (05දා) කොළඹ වරායට පැමිණ තිබේ. මේ අතර සංචාරකයින් 583ක් හා කාර්ය මණ්ඩලයේ 366කින් සමන්විත Boudicca නෞකාවද කොළඹ වරායට පැමිණියේය.
මෙම නෞකාවලින් පැමිණෙන සියලු මගින් කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්ද යන්න පිළිබඳව කොළඹ වරායේදී පරීක්ෂා කරයි.


