පාකිස්තානයේ පැවැත්වෙන සීමිත පන්දුවාර තරගාවලිය වෙනුවෙන් එක්වීම සඳහා ඊයේ පෙරවරුවේ දිවයිනෙන් පිටත්වූ ශ්රී ලංකා කණ්ඩායම ඊයේ දිනයේදීම පාකිස්තානයට ළඟා වූයේය.
පාකිස්තාන බලධාරින් ශ්රී ලංකා කණ්ඩායම උණුසුම් ආකාරයෙන් පිළිගත් අතර කණ්ඩායම වෙනුවෙන් ඉහළම ආරක්ෂාවක් ලබා දී තිබේ.
කරචිචි නුවර එක්දින තරග තුනක් පැවැත්වීමට නියමිතය. සැප්තැම්බර් 27 දා, 29 දා ඔක්තෝබර් 02 දා එම එක්දින තරග තුන පැවැත්වෙයි.
විස්සයි20 තරග තුන ලාහෝර් නුවරදී පැවැත්විමට නියමිත අතර ඒ ඔක්තෝබර් 6 දා, 7 දා හා 9 දායි.





