ශ්‍රී ලංකන් ගුවන් මගීන්ට ශ්‍රී ලංකාවට ආවේණික ආහාර වට්ටෝරුවක් හඳුන්වාදීමට එම සමාගම කටයුතු යොදා තිබෙනවා.
පෝෂ්‍යදායි දේශීය ආහාර වේලක් එම ගුවන් මගීන්ට ලබාදීම වැඩපිළිවෙළේ අරමුණයි.එය ඊයේ(25) ආරම්භ කෙරුණේ කටුනායක ගුවන් තොටුපලේ සෙරෙන්ඩිබ් ශාලාවේදීයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසන්නේ මෙම දේශීය ආහාර වට්ටෝරුව ක්‍රමානුකූලව සිය ගුවන් මගීන් වෙනුවෙන් හඳුන්වා දීමට අපේක්ෂා කරන බවයි.
මෙරටට පැමිණෙන සංචාරකයෙකු ශ්‍රී ලංකාව පිළිබඳ සිය පළමු අත්දැකීම ලබා ගන්නේ ගුවන් යානය තුළදී .ඒ නිසා මෙවැනි ව්‍යාපෘතියක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ආරම්භ කිරීම සතුටට කරුණක් බවයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ.







