ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 20 වන ඉරිදා
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ, විශේෂ බලකා පාඨමාලා අංක - 49 හැදෑරූ නිලධාරීන් 4 දෙනෙකු සහ සෙසු නිලයින් 315 දෙනෙකුගේ විසිරයාමේ උත්සවය ඉකුත් සෙනසුරාදා (22දා) උදෑසන මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ දී පැවැත්විණි.
මෙම විසිරයාමේ උත්සවයට විශේෂ බළකායේ රෙජිමේන්තු අධිපති මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ආරාධනයකට අනුව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර සී. විජේගුණරත්න සහභාගි විය.
පුරා මාස නවයක් පැවැති ඉතා දුෂ්කර මෙම පුහුණු පාඨමාලාවට යුද උපක්‍රම, සතුරා පිටුපස ලුහුබැඳිම, රහසිගත කුඩා මෙහෙයුම් සිදුකිරීම, සතුරු කඳවුරු වෙත ඇතුළුවීම, දින ගණනක් කැලෑවල ජීවත්වීම ආදී අද්විතීය ලෙස නිර්මාණය කරන ලද පුහුණු ක්‍රමවේදයන් ඇතුළත් වේ.
ත්රස්තවාදීන් විසින් වඩාත්ම බියට පත්වන යුද්ධ හමුදාවේ විශේෂ බලකාය සහ කමාන්ඩෝ රෙජිමේන්තුව දිගු දුර මෙහෙයුම් (LRRP), නගරබද සටන්, ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීම සහ ත්‍රස්ත විරෝධී යුද උපක්‍රම, ප්‍රභූ ආරක්ෂාව මෙන්ම ගුවන් හා මුහුදු යාත්‍රා මෙහෙයුම් ආදී නිපුණතා වලින් සමන්විත වේ.
එල්.ටී.ටී.ඊ ත්රස්තවාදීන්ට එරෙහි පැවැති අවසන් මානුෂීය මෙහෙයුම්වලදී විශේෂ බලකා සෙබළුන් කුඩා කණ්ඩායම් වශයෙන් සතුරු භූමිය තුළට ඇතුළුවී කිලෝමීටර් 30 ත් 50 ත් අතර ඉලක්ක පවා ලබාගැනීමේ සුවිශේෂී හැකියාවක් තිබුණි. මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ගාමිණි හෙට්ටිආරච්චි වර්ෂ 1985 දී මෙම ඒකකය ඇති කිරීමට පුරෝගාමී කාර්යභාරයක් ඉටු කළේය.
popular news
දළාඳ වන්දනාවනට අද එන්න ඉන්න අය වෙනත් දිනයක එන්න
2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ
පොලොන්නරුව දේවස්ථානයට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ සුල මුල හෙළිවෙයි
පාස්කු දා ප්‍රහාරයේ විමර්ශන ගැන රදගුරු සමුළුවෙන් නිවේදනයක්
නුවරඑළිය සංචාරකයන්ගෙන් පිරෙයි
පාස්කු ප්‍රහාරය විමර්ශන ගැන මහජන ආරක්ෂක ඇමතිගේ අලුත්ම හෙළිදරව්ව
LAWRENCE PERERA Wednesday, 26 June 2019 02:59 AM
කෝ කළුපටි ශිෂයෝ ???
Reply : 0 1
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd