කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැති 2021 විවාහක රූ රැජිණ තේරීමේ තරගාවලිය අවසානයේදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
ඒ මුලින්ම විවාහක රූ රැජින ලෙසින් පත්වූ අයගේ කිරුළ ඉවත් කිරීමට කටයුතු කිරීමත් සමගිනි.
තරගකාරීනී අංක 20න් තරග කළ පුෂ්පිකාද සිල්වා මුලින්ම මෙම තරගාවලියේ ජයග්රාහිකාව ලෙස නම්විය.
ඇයට කිරුළ පෑළැදුවේ ලෝක විවාහක රූ රැජින මෙන්ම ලංකාවේ හිටපු විවාහක රූ රැජින වන කැරොලයින් ජූලිය.
කෙසේ වෙතත් තරගාවලියේ නීති අනුව දික්කසාද වූ කාන්තාවට විවාහක රූ රැජින ලෙස පත්විය නොහැකි බව සඳහන් කරමින් කැරොලයින් ජූලි පුෂ්පිකාගෙන් කිරුළ ගලවා තරගකාරීනී අංක 17න් තරග කළ තරගකාරියට කිරූළ පෑළවීමට කටයුතු කළාය.
පුෂ්පිකාද සිල්වාට පළමුව කිරුළ පැළඳවීම


පුෂ්පිකාට කිරුළ දැරිය නොහැකි බවට කැරොලයින් ප්රකාශ කිරීම

පුෂ්පිකාගෙන් කිරුළ ගලවා දෙවැනි ස්ථානය හිමිකරගත් තරග කාරියට කිරුළ පැළඳවීම



