(UPDATE)
වීරකැටිය ගජනායකගම ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් 14 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වීරකැටිය පොලිසිය කියයි.
වීරකැටිය ගජනායකගම ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී 11.00ට පමණ ඥාතී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් අතරතුරදී කිසිවෙකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එහිදී මෙම දරුවාට වෙඩි වැදී බරපතළ තුවාල ලබා ඇත. තුවාල ලැබූ දරුවා වීරකැටිය දිසා රෝහලටත් ඉන් තංගල්ල මූලික රෝහලටත් මාරු කර යවා ඇති අතර දරුවා එම රෝහලේදී ජීවිතක්ෂයට පත්ව ඇත.
වීරකැටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
වීරකැටිය ප්‍රදේශයෙන් වෙඩි තැබීමක් වාර්තා වූ බව පොලීසිය පැවසීය. ඉන් 14 හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.




