කොහු තොගයක් රැගෙන එමින් තිබු විශාල ලොරියක් විදුලි රැහැනක පැටලීමේන් ගිනි ගැනිමකට ලක්ව ලොරි රථය හා කොහු තොගය සම්පුර්ණයෙන් විනාශ වි ඇති බව උඩප්පුව පොලිසිය කියයි.
විදේශ රටකට කොහු අපනයනය කරනු ලබන මහා පරිමාන කොහු ව්යාපාරීයකුට අයත් කොත්තන්තිව් කර්මාන්ත ශාලවේ සිට විරුතෝඩේ ගබඩාව දක්වා ගමන් කරමින් තිබු මෙම ලොරි රථය කනමුල්ල අතුරු මාර්ගයෙ සිට ප්‍රධාන මාර්ගයට දැමිමට යාමේදි කොහු ලොරිය මාර්ගයෙ ප්‍රධාන විදුලි රැහැන් පද්ධතියෙ ගැටි ඇති බව කියයි.
කොහු ලොරිය අධික උසකින් යුක්ත විම හේතුවෙන් නිවසකට ලබා දි තිබු විදුලි සැපයුමක වයරය කැඩි එය ගිනි ගෙන ලොරිය මතට වැටිමත් සමග මෙම ගිනි ගැනිම සිදුව ඇති බව කියයි.
කෙසේ නමුත් ලොරි රථය විදුලි රැහැන් වලින් ඇදි මාර්ගයට පැමින ඇතත් ගිනි ගැනිම නොනවත්වා පැවතිමත් සමග ගින්න සම්පුර්ණයෙන් පැතිරි ගොස් ඇති බව කියයි.
කෙසේ නමුත් ලොරි රථයෙ රියදුරු හා සහයකයා ලොරි රථයෙන් ඉවතය පැන ජීවිත බේරා ගැනිමට සමත් වි ඇති බව කියයි.
ගින්න හේතුවෙන් කොහු තොගය හා ලොරිය සම්පුර්ණයෙන් පිලිස්සි විනාශ විම හේතුවෙන් රුපියල් ලක්ෂ 40 අධික හානියක් සිදුව ඇති බව කොහු ව්‍යාපාරීකයා පවසයි.
ගින්න ඇතිවිමත් සමග ප්‍රදේශ වාසින් විසින් ලොරි රථය හා කොහු තොගය බේරා ගැනිමට ජලය ඉසිමින් උත්සහ කර තිබුනද එය ව්‍යර්ථ වි ඇති බව කියයි.




