නව කොරෝනා වයිරසය ආසාදනය වී වැලිකන්ද රෝහලේ ප්රතිකාර ලබමින් සිටි පුද්ගලයකු අද (4) මියගිය අතර ඔහු ශ්රී ලංකාවේ මිය ගිය පස් වැනි කොරෝනා රෝගියා වේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ 44 හැවිරිදි ඉතාලියේ සිට පැමිණි පුද්ගලයෙකි.ඔහු හෝමාගම ප්රදේශයේ පදිංචිකරුවෙකි.
වැලිකන්ද රෝහලේ සිදු වූ ප්රථම කොරෝනා මරණය මෙය වන අතර ඔහුගේ ආදාහන කටයුතු දහවල් 2.00 පමණ පොලොන්නරුව අරලගන්විල විජයබාපුර ආදාහනාගාරයේදී සිදු කෙරිණි.
එහි අවස්ථා කිහිපයක් පින්තුරවලින් දැක්වෙයි.






