Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 24 වන ඉරිදා
2024 නොවැම්බර් මස 24 වන ඉරිදා
වාලච්චේන පිහිටි ජාතික කඩදාසි සමාගම මගින් නිපදවන කඩදාසි මෙරට සිසු දරුවන් සහ රාජ්‍ය සේවකයන් පරිහරණය කරන දිනය වැඩි ඈතක නොවන බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
අද (30දා) දිනයේ වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවේ ප්‍රධාන කඩදාසි නිෂ්පාදන යන්ත්‍රය පණගන්වා එමගින් ‘පරීක්ෂණ කඩදාසි නිෂ්පාදනය’ එළිදැක්වීම නිරීක්ෂණයෙන් අනතුරුව ඒ මහතා මාධ්‍ය හමුවකට එකිවෙමින් මෙසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද සදහන් කළේය.
‘1956 දී නැගෙනහිර ජර්මනියේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු මෙරට අමිල ජාතික සම්පතක් වූ ජාතික කඩදාසි සංස්ථාව මීට ඉහත දී ඉතා අවාසනාවන්ත ලෙස වැසී යාමට සලස්වා තිබුණා. ඒ වගේම පසුගිය ආණ්ඩුවේ කර්මාන්ත අමාත්‍යවරයා වූ රිෂාඕ බදියුදීන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් මෙම ජාතික සම්පත ඈවර කිරීමට කටයුතු යොදා තිබුණා. එමගින් මෙම කඩදාසි කර්මාන්ත ශාලාව සතු යන්ත්‍ර සූත්‍ර අබලි ද්‍රව්‍ය ලෙස සලකා යකඩ වශයෙන් විකුණා දැමීමටත් ඉඩකඩ ලබා ගෙන තිබුණා.
එවැනි තත්වයක් යටතේ තිබුණු මෙම කර්මාන්ත ශාලාවට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍යයේ දැක්ම‘ ප්‍රතිපත්ති ප්රකාශනය අනුව යමින් යළි පණ දිය යුතු බව අප තීරණය කරනු ලැබුවා. අපි මේ වසරේ ජනවාරි 15 වැනිදා පළමුවරට මෙම කර්මාන්ත ශාලාව නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ ඊට යළි පණ දිය හැකි යැයි සිතෙන තත්වයක් තිබුණේ නැහැ.
නමුත් අපි ජාතික කඩදාසි සමාගමට පත් කරනු ලැබූ සභාපතිවරයා වූ විමල් රූපසිංහ මහතා ඇතුඵ අධ්යක්ෂ මණ්ඩලයේත්, දේශීය හා විදේශීය ඉංජිනේරුවන් කිිහිප දෙනෙකුගේත්, නාවික හමුදාවේ ඉංජිනේරු බලකායේ හා යුද හමුදාවේත් සුවිශාල දායකත්වය සමග අද වන විට මෙම කර්මාන්ත ශාලාවේ කඩදාසි නිපදවන ප්‍රධාන යන්ත්‍රය යළි පණ ගැන්වීමට හා එමගින් පරීක්ෂණ මට්ටමින් කඩදාසි නිෂ්පාදනය කිරීමටත් හැකියාව ලැබී තිබෙනවා.
යන්ත්‍රයේ පවතින ඉතා සුඵ අඩුපාඩුකම් මග හරවා ගනිමින් 60 - 200 ජී එස් එම් අගයන්ගෙන් යුත් වාණිජ මට්ටමේ කඩදාසි නිෂ්පාදනය කිරීමට අපට නුදුරේම හැකියාව ලැබේවි.
මහ මැතිවරණයෙන් පසුව එම ප්‍රධාන යන්ත්‍රය පමණක් නොවෙයි අනෙක් කඩදාසි නිෂ්පාදන යන්ත්‍රය ද පණ ගන්වා ගෙන මෙම කර්මාන්ත ශාලාව විවෘත කොට එමගින් පෙර පරිදි දේශීය වශයෙන් මෙම කර්මාන්ත ශාලාව නිපදවූ ‘ෆයිල් කවරය’ හා ‘ෆුල්ස්කැප් කොළය’ යළි මේ රටේ ජනතාව අතට පත් කිරීමට හැකිවේවි, කියන විශ්වාසය අපට තිබෙනවා.
ඒ වගේම මෙම කර්මාන්ත ශාලා පරිශ්‍රය සතු අක්කර 500ක භූම්භාගය බහුවිධ සංවර්ධන ව්‍යාපෘති සහිතව සංවර්ධනය කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් ද අප ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අනුව මහා භාණ්ඩාගාරයේ ඇපයක් සහිතව බැංකු මගින් ඉදිරියේදී රුපියල් මිලියන 800ක ණය මුදලක් මෙම ආයතනයට ලැබේවි. ඒ බහුවිධ සංවර්ධන ව්‍යාපෘති ද ඇතුළත්ව සිදු කෙරෙන කටයුතු සමග අපට ඉදිරි වසර කිහිපය තුළ ජාතික කඩදාසි සමාගම ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට හැකි බවට වන විශ්වාසයක් ද අප සතුයි.
එසේම සූර්ය බලශක්ති පැනල මගින් මෙම කර්මාන්ත ශාලාවට අවශ්‍ය විදුලිය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු ද දැන් සැලසුම් කරමින් තිබෙනවා. ඒ නිසා අපි ඉතාමත් විශ්වාසයෙන් කියනවා, ‘මර නින්දකට වැටි තිබුණු වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ සහ මහින්ද රාජපක්ෂ අගමැතිතුමන්ගේ හා වත්මන් ආණ්ඩුවේ බලාපොරොත්තු ඉටු කරමින් නැවත පණ ගැන්වෙන දිනය වැඩි ඈතක නොවෙයි‘ කියා.
මර නින්දකට වැටී තිබූ මේ දැවැන්ත යන්ත්‍රය අද පණ ගැන්විලා තිබෙනවා, පමණක් නොවෙයි එමගින් කඩදාසි නිපදවෙමින් තිබෙන බව නිරීක්ෂණය කිරීමට අද අපට ලැබුණා. ඒ නිසා ඉදිරි ඉලක්ක ඉතා පැහැදිලිව අපට ජය ගත හැකියි.”
popular news
Kumar Saturday, 30 May 2020 08:01 PM
අපි පාසල් යන කලේ තිබුන කඩදාසි ගැන මතක් වෙනවා. නැවත වරක් ඒවගේ කඩදාසි නිපදවන්නද අදහස. සමහරු සිතනවා ඇති වියලි ගොයම් පාවිචියට ගන්න. එසේ කරන්න සිතනවානම් සිලිකා ඉවත කරන ක්‍රමයකුත් සොයාගන්න. අන්තිමට සිදුවුනේ පිට රටින් සියලුම අමුද්‍රව්‍ය ආනයන කරන එකයි. ඒ මගින් කවුරු හෝ ලොකු පෝසතෙක් වෙනවා.
Reply : 34 51
අබිලින් Tuesday, 02 June 2020 06:31 AM
අනේ මොට්ටයෝ වියලි ගොයම් කියල කියන කියමනක් නැහැ ඒවාට කියන්නේ පිදුරු කියල අද සිටවත් මතකයේ තබාගන්න
Reply : 0 1
Kumar Friday, 05 June 2020 07:40 AM
අනේ අබිලින් මහත්තයෝ වැරැද්ද පෙන්නුවට ඔබට පින් අයිති වෙනවා. වසර ගණනක් බටහිර රටවල්වල ඉන්නකොට ඔහොම වෙනවා ඇති.
0 0
Chandana Monday, 01 June 2020 04:28 PM
මේ නාටක , දැන් තියෙන්නේ තාක්ෂණ උගයක් , කොළ පාවිච්චි වෙන්නේ ගොඩක් අවමව , මේ යන්තර අලුතින් ගෙන්වන්න අවරුදු 50 කදාසි වියදම යනවා , මේ කොමිශිඔන් ගේමක්
Reply : 0 1
rana Tuesday, 02 June 2020 03:32 PM
මෙහි නිෂ්පාදන අමු ද්‍රව්‍ය මොනාද ? තවත් චන්දය ඉදිර්පිට බොරුවක් නේ ?
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd