මෙවර ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම ක්‍රීඩා මාධ්‍යවේදියාට (සිංහල මාධ්‍ය) හිමි සම්මානය 'අද' පුවත්පතේ ක්‍රීඩා මාධ්‍යවේදී පැතුම් ශ්‍රී විජේරත්න මහතාට හිමි විය.
ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කරන අතර, එය ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණ.
හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමන් මහතාගේ බිරිඳ වන ලක්ෂ්මන් කදිරගාමන් ආයතනයේ සභාපති සුගන්ධි කදිරගාමන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සම්මාන උළෙල පැවැත්විණි.

අනෙකුත් සම්මානලාභීන්
ජීවිතයේ එක්වරක් පිදෙන රන් සමාමානයෙන් පිදුම් ලැබූවන් - ඒ.එස්. ප්‍රනාන්දු/මෙරිල් පෙරේරා/සිරිල් විමලසූරිය/ඒ.එල්.එම්.සලීම්/සින්නයියා කනේෂන්
වසරේ හොඳම ප්රවෘත්ති වෙබ් අඩවිය - දේශය (www.deshaya.lk), ඩේලිමිරර් (www.dailymirror.lk)
වසරේ සැකැස්ම සහිත පුවත්පත - සන්ඩේ ටයිම්ස්
වසරේ හොඳම කාටුන් ශිල්පියා - සිංහල - දොන් වීරරත්න (මව්බිම), දෙමළ - සවුන්දිස් ධර්මදාස් (වීරකේෂරී), ඉංග්‍රිසි - ජෙෆරි මයිකල් (අයිලන්ඩ්)
වසරේ විශිෂ්ඨතම ඡායාරූප ශිල්පියා - ජේ.කුමාර් සුජීව කුමාර් (ඩේලි එක්ස්ප්‍රස්),
වසරේ විශිෂ්ඨතම ක්‍රීඩා මාධ්‍ය‘වේදියා - පැතුම් ශ්‍රී විජේරත්න - අද (සිංහල), ජිතේන්ද්‍ර ප්‍රසාත් - වීරකේෂරි (දෙමළ) - චම්පික ප්‍රනාන්දු - සන්ඩේ ටයිම්ස් (ඉංග්‍රීසි)
වසරේ විශිෂ්ඨතම පරිසර වාර්තාකරු - සිංහල -ධම්මික සපුමල් ජයසේන (මව්බිම), දමිල - අලි සබ්රි අඩිල් අහමඩ් - නවමනී, ඉංග්‍රීසි- ප්‍රසන්න කුරේ (අයිලන්ඩ්)
වසරේ විශිෂ්ඨතම තීරු ලිපි රචකයා වෙනුවෙන් පිදෙන බී.ඒ. සිරිවර්ධන සම්මානය - ජීවා සතාසිවම් (වීරකේෂරි)
වසරේ හොඳම සුවසේවා මාධ්‍ය‘වේදියා - පාලිත ජයකොඩි (රිවිර), සිවබාලන් සිවන්සුතන් (වාලම්පුරි), උදාරා අමරසිංහ (ඩේලිමිරර්)
වසරේ විශේෂාංග ලේඛකයා සඳහා වන උපාලි විජේවර්ධන සම්මානය - තරංග රත්නවීර (දිවයින), රොබට් ඇන්තනි (වීරකේෂරි), සංජු ශ්‍රීමාල් හතුරුසිංහ (සිලෝන් ටුඩේ)
විශේෂ අවස්ථා යටතේ හොදම වාර්තාකරණය - කේ කෛලාසපති - (කුසලතා සහිතක පත්‍ර දෙකක් පමණි)
ව්‍යාපාර හා මුදල් පිළිබඳ හොඳම වාර්තාකරණය - දුලිීකා සමන්මලී (ලක්බිම), එස්. අනූතිදාන් (ටැමිල්මිරර්)
සමාජ ප්‍රශ්න පිලිබඳ හොඳම වාර්තාකරණය සඳහා වන සුබ්‍රමනියම් චෙට්ටියාර් සමාමානය - සම්පත් ජයලාල් (ලංකාදීප), සුලෝචන මෝහන් (සිලෝන්ට්රස්)
වසරේ විශිෂ්ඨතම ගවේෂණාත්මක ජනමාධ්‍ය‘වේදියා - මිහිරාන් කරුණාරත්න (ලක්බිම)
වසරේ හොඳම උණුසුම් පුවත්පත් වාර්තාවට පිරිනැමෙන සම්මානය - සන්ඩේ ටයිම්ස් කණ්ඩායම
ශ්‍රී ලංකාවේ පුවත්පත් නිදහස ආරක්ෂා කිරීම සඳහා කැපවීම වෙනුවෙන් පිරිනැමෙන සේපාල ගුණසේන සම්මානය - ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍ය‘වේදී සංගමය
සිය සගයන්ගේත් ඇගයිමට ලක්වන පුවත්පත් කලාවේදියාට හිමි ඩී.ආර්. විජේවර්ධන සම්මානය - රාවය හිටපු කර්තෘ සහ අනිද්දා කර්තෘ කේ.ඩබ්. ජනරංජන
වසරේ හොඳම තරුණ වාර්තාකරු සඳහා වන ඩෙන්සිල් පීරිස් සම්මානය - තෙවරාජා විරුෂන් (වීරකේෂරි)
වසරේ හොඳම පුවත්පත් කලාවේදියාට පිරිනැමෙන මර්වින් ද සිල්වා සම්මානය - - කේ. සංජීව (රාවය)
ඡායාරූප - ක්‍රිෂාන් රණසිංහ





















































