මෙරට සංචාරයක් සදහා පැමිණි විදේශිකයන් පිරිසක් (15) දින නුවරඑලිය ප්රදේශයට පැමිණ සිටිහ.
මාසයක සංචාරයක් සදහා ප්රංශයෙන් සහ රුසියාවෙන් මෙම සංචාරකයන් පිරිසක පැමිණ ඇති අතර , එම සංචාරකයන් සමග ශ්රි ලංකාවේ මග පෙන්වන්න කිහිපදෙනෙකුද පැමිණ සිටියහ.
බස් රථ වලින් (14) දින නුවරඑලියට පැමිණ එම සංචාරකයන් (15) දින නුවරඑලියේ පැරණි තැපැල් කාර්යාලය නරඹා පසුව නානුඔය දුම්රිය ස්ථානයේ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරිමට සැලසුම් කර සිටියද වෘත්තිය සමිති වැඩ වර්ජනය හේතුවෙන් එම විදේශිය සංචාරකයන් පිරිසට සැලසුම් කල පරිදි එම සංචාරක ස්ථානය නැරඹිමට නොහැකි වු බවයි සංචාරකයන් සමග පැමිණි මග පෙන්වන්නන් කියා සිටියේ.



