ලොව දෙවැනි විශාලතම භාණ්ඩ ප්රවාහන ගුවන්යානයක් වන ඇන්ටනොවූ AN 124 ගුවන්යානය අද (17දා) දහවල් 12.20 ට මත්තල ගුවන්තොටුපළට ගොඩ බස්වන ලදී.
සෞදි ආරාබියේ Prince Sultan ගුවන්තොටුපළේ සිට ඉන්දුනීසියාව දක්වා ගමන් කරන අතරතුර 19 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩල විවේකය සඳහා මෙන්ම ඉන්ධන ලබාගැනීම සඳහා මෙම ගුවන්යානය මෙසේ මත්තලට ගොඩ බස්වා තිබේ.
හෙට (18දා) අලුයම් 3.30 ට ඉන්දුනීසියාව දක්වා නැවත මෙම ගුවන්යානය පියාසර කිරීමට නියමිතය. මේ අතර පසුගිය 15 වැනිදා දින කේරළයේ සිට විදේශිකයින් 56 දෙනෙකු රැගත් AF 0899 දරන ගුවන්යානයද මත්තලට ගොඩබස්වා තිබෙන අතර එයද හෙට (18දා) උදෑසන 09.00 ට පමණ මස්කට් දක්වා ගමන්කිරීමට නියමිතව තිබේ.
රාහුල් සමන්ත





