ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මාලදිවයින් ඡන්දයෙන් පත්වූ නව ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මහතා අතර හදිසි හමුවක් අද (10) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී සිදු විය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සීෂෙල්ස්හි දෙදින රාජ්‍ය සංචාරය නිමකර අද පෙරවරුවේ යළි දිවයිනට පැමිණි අතර මාලදිවයින් ජනාධිපතිවරයාගේ ද සිංගප්පුරු සංචාරය අතරතුර දී මෙම හමුව සිදු විය.
