ඒක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි වරායේ සිට ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය වරාය වෙත ක්ලින්කර් (Clinker) ප්‍රවාහනය කරමින් තිබූ ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කළ MV Eurosun නැමති නෞකාව ශ්‍රී ලංකාවට ගිණිකොන දිග මුහුද දෙසින් ගොඩබිම සිට නාවික සැතපුම් 5.5ක් (කිලෝමීටර 10ක්) පමණ දුරකින් කුඩා රාවණා පරයේ සිරවීමෙන් අනතුරට පත්වී ඇත.
එම නෞකාවේ ක්ලින්කර් (Clinker) මෙට්‍රික් ටොන් 33000කට අධික ප්‍රමාණයක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 720 ක පමණ ප්‍රමාණයක් ද ගබඩා කර තිබූ බවට මූලික විමර්ශන වලින් අනාවරණය වී ඇත. මේ සම්බන්ධයෙන් නාවික හමුදා මූල්සථානයේ පිහිටි සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (MRCC) වෙත වාර්තා වූ වහාම, නාවික හමුදාව විසින් සිදුවූ ආපදා තත්වය විමර්ශණය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නෞකා සහ යාත්‍රා කිමිදුම් කණ්ඩායම් සමඟ මේ වන විටත් එම මුහුදු ප්‍රදේශය වෙත යොමු කර ඇත.
තවද නාවික හමුදාවේ ඉල්ලීම පරිදි මෙම නෞකාව අනතුරට පත්වී ඇති ප්‍රදේශය ගුවනින් නිරීක්ෂණය කිරීම සඳහා මේ වන විටත් ශ්‍රී ලංකා ගුවන් හමුදා යානා යොදවා ඇති අතර, නාවික හමුදා මූලස්ථානයේ පිහිටි සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (MRCC) මගින් මෙම මෙහෙයුම් කටයුතු අධීක්ෂණය කරමින් සිටී.




