ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 12 වන සෙනසුරාදා
කොළඹ, රාගම හා පේරාදෙණිය රෝහල්වලදි පැය 24 ක් තුළ සාර්ථක අක්මා සැත්කම් 3 ක් කිරිමට හැකි වූ බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අර්ජුණ තිලකරත්න මහතා පවසයි.
මෙම අක්මා බද්ධ සිදු කිරිම සඳහා පුහුණු දක්ෂ විශේෂඥ වෛද්‍යවරු පිරිසක්, නිර්වින්ධන වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය, රසායානාගාර කාර්මික ශිල්පින් ඇතුලු විශාල පිරිසක් දායක විය යුතු බවත් අක්මා බද්ධයකදි ශල්‍යකර්ම කිහිපයක් සිදුකිරිම ඊට හේතුව බවද වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පැවසිය.
පේරාදෙණිය රෝහලේදී මාස 6 ක් තුළදි සාර්ථ අක්මා බද්ධ 5 ක් පමණ සිදුකර ඇති බවත් ඒ සදහා අක්මා ශල්‍යකර්ම කිරිමේදි විශේෂ උපකරණ අවශ්‍ය බවත් ඒ සඳහා අවශ්‍ය සියලුම උපකරණ හා දක්ෂ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක්ද පේරාදෙණිය රෝහල සතුව ඇති බවද වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පැවසිය.
මෙම අක්මා බද්ධ සැත්කම් විදේශ රටකදි සිදුකලහොත් රුපියල් මිලියන 30 ක් හෝ 40 ක් වැය වන බවත් මෙරටදි මෙම සැත්කම් සිදුකලත් රජයට විශාල මුදලක් වැය කිරිමට සිදුවන බවද අර්ජුන තිලකරත්න මහතා පැවැසිය.
popular news
මොණරාගලිින්ලංකාවට ආවෙිණික නව සර්ප විශේෂයක් සොයාගනී
දිනකට බැතිමතුන් 35000ට ආහාර දෙන්න මාළිගාවෙන් දන්සලක්
මෙහෙයුම් ලාභයක් ලබන ශ්‍රී ලන්කන් විශාල පාඩු ලැබීමට හේතුව මෙන්න
කැලිප්සෝ දුම්රිය නානුඔයෙන් මංගල ගමන අරඹයි
කොවිඩ් වසංගතයෙන් පසුව බොරතෙල් බැරලයක පහළම මිල වාර්තා වෙයි
ගුවන් මගියෙකුගේ ගමන් බෑගයක තිබූ මුදල් ගුවන් යානයේදීම සොරාගත් චීන ජාතිකයන් දෙදෛනෙක් අල්ලයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd