අභාවප්රාප්ත ප්රවීණ ගායන හා රංගන ශිල්පී රොනී ලීච් මහතාගේ දේහයට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අවසන් ගෞරව දැක්වී ය. ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති කොළඹ පෞද්ගලික මල් ශාලාව වෙත අද (11දා) දහවල් ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර, ඒ මහතාගේ බිරිද, දරුවන් ඇතුළු පවුලේ ඥාතීන් වෙත මෙන්ම රසික රසිකාවියන් වෙත ද සිය සාතිශය සංවේගය පළ කළේ ය.

