ADA
www.ada.lk
2025 ජනවාරි මස 20 වන සඳුදා
නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනනය කිරීම හේතුවෙන් නඩු පවරා ඇති රුපියල් කෝටි ගණනක් වටිනා භාණ්ඩ රෝගු ගුදම් තුළ දිරාපත්වෙමින් පවතී.
මෙම භාණ්ඩවත නඩු පවරා තිබීම හේතුවෙන් එම භාණ්ඩ නඩු භාණ්ඩ බවට පත්වීම හේතුවෙන් මෙසේ ගුදම් තුළ ගබඩා කර තිබේ.
නවීන මෝටර් රථ, යතුරු පැදි ඇතුළු භාණ්ඩ රාශියක් මෙසේ දිරාපත්වෙමින් පවතී. මෙම භණ්ඩ නිරීක්ෂණය කිරීම සඳහා වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පසුගියදා එක්ව තිබේ.
“වසර ගණනාවක සිට කොළඹ වරාය පරිශ්‍රයේ ඇති රේගු ගුදම් (Bonded Warehouse) තුළ දිරාපත් වෙමින් සහ විනාශ වෙමින් යන භාණ්ඩ නිරීක්ෂණය කළෙමි. ආනයන නීතිරීති උල්ලංගනය කරමින් මෙරටට ගෙන එනු ලැබූ විවිධ භාණ්ඩ සඳහා රේගුව විසින් නඩු පවරා ඇති අතර ඒවා වසර ගණනාවක් තුල නොවිසිදී ඇති බැවින් මෙම නීතිමය කටයුතු හැකි ඉක්මනින් අවසන් කිරීමට රේගු අධ්යක්ෂ ජෙනරාල්තුමාගේ අවධානය යොමු කිරීමට හැකිවිය.
වරාය අධිකාරිය පරිශ්‍රයේ ඇති මෙවැනි ගුදම් හයක් අද (14) නිරීක්ෂණය කල අතර ඒවා දැනට අබලන් සහ අපිලිවෙල වූ හෙයින් හැකි ඉක්මනින් ඒවා සංවර්ධනය කර අලංකාර ස්ථානයන් බවට පත් කල යුතු බව අවධාරණය කළෙමි. ශ්‍රී ලංකා වරාය අධිකාරිය යනු ලෝකය ඉදිරියේ අප රටේ කැඩපතක් බඳුය. එබැවින් එය ආකර්ෂණීය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම ද මේ හරහා බලාපොරොත්තු වෙමි.” යැයි අමාත්‍යවරයා පැවැසීය.
popular news
අගුළු දැමූ නිවසකින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නරක්වු මළ සිරුර සොයා ගැනේ
සමෘද්ධි නිලධාරීන් 363 ක් ව්‍යාජ සහතිකවලින් පත්වීම් අරන්
උඩරට දුම්රිය ප්‍ර වේශ පත්‍ර අන්තර්ජාලයට නිකුත් කර තත්පර 42න් විකිණී අවසන්
ලොකු ලොකු මන්ත්‍රීලට ආදර්ශයක් දුන් ඇල්පිටියේ පොඩි මන්ත්‍රි
ශකීබ් අල් හසන් අත්ඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
තද වැසි පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd