රුහුණු විශ්වවිද්‍යාලයේ පවතින ශිෂ්‍ය මර්දනය හා සුබසාධන ගැටලු කඩිනමින් විසඳන ලෙස ඉල්ලා අද (16දා) අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හා රුහුණු විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය එක්ව කොළඹදී පාගමනක් හා විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීය.
මෙම විරෝධතා පාගමන කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ වි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම දක්වා පැවැත්වූ අතර, එම ස්ථානයේදි විරෝධතාව සිදුකෙරිණි.
ඉන්පසුව විරෝධතාවේ නිරත ශිෂ්‍ය පිරිස් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ඇතුළත් වීමේ දොරටුවෙන් ප්‍රතිපාදන කොමිෂන් සභා ගොඩනැගිල්ල ඉදිරිපිටදීත් විරෝධතාවක් දැක්වූහ.
අනතුරුව ශිෂ්‍ය නියෝජිතයන් කිහිප දෙනෙකුට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට අවස්ථාව හිමිවිය.
ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු



