ADA
www.ada.lk
2025 ජනවාරි මස 20 වන සඳුදා
යුක්රේනයේ සටන් ආරම්භ වී පළමු දින හතර තුළ රුසියානු සොල්දාදුවන් 5,000 කට වැඩි පිරිසක් මිය ගිය බව කියෙව් ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ආරක්ෂක අමාත්‍යාංශය ෆේස්බුක්හි පළ කරන ලද ප්‍රකාශයක දැක්වෙන්නේ රුසියානු හමුදා භටයින් 5,300 ක් පමණ මිය ගොස් ඇති අතර යුක්රේන හමුදා විසින් ටැංකි 191 ක්, ප්‍රහාරක ජෙට් යානා 29 ක්, හෙලිකොප්ටර් 29 ක් සහ සන්නද්ධ වාහන 816 ක් විනාශ කර ඇති බවයි.
මේ අතර, එක්සත් ජාතීන්ගේ නිරීක්ෂකයින් පැවසුවේ සටන්වල පළමු දින තුළ අවම වශයෙන් සිවිල් වැසියන් 94 දෙනෙකු මිය ගිය බව ඔවුන් තහවුරු කර ඇති බවයි.
ආක්‍රමණය "දරුණු මානුෂීය ප්‍රතිවිපාක" අවුලුවා ඇති බවත්, ජීවිත හානි සැලකිය යුතු ලෙස වැඩි විය හැකි බවත් නිරීක්ෂකයෝ පවසති.
මේ අතර රුසියානු දූත පිරිස සමඟ සාම සාකච්ඡා ආරම්භ කිරීම සඳහා යුක්රේන දූත පිරිස යුක්රේන-බෙලරුස් දේශසීමාවට පැමිණ ඇති බව යුක්රේන බලධාරීන් නිවේදනය කර තිබේ.
ඔවුන්ගේ න්‍යාය පත්‍රයේ ඇති ප්‍රධාන ඉල්ලීම වන්නේ සටන් විරාමයක් සහ යුක්රේන භූමියෙන් හමුදා ඉවත් කර ගැනීම බව ඔවුහු පවසති.
ප්‍රවාහන සහ ආරක්ෂාව පිළිබඳ ගැටළු හේතුවෙන් සාකච්ඡා දිගින් දිගටම කල් දැමුණු බව මීට පෙර වාර්තා විය.කෙසේ වෙතත් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි පැවසුවේ මෙම සාකච්ඡාවලින් ඉදිරි ගමනක් බලාපොරොත්තු නොවන බවයි.
එහෙත්, යුද්ධය නැවැත්වීමට උත්සාහ නොකිරීම ගැන කිසිවෙකුට යුක්රේනයට දොස් පැවරිය නොහැකි වන පරිදි, ඔවුන් මෙම අවස්ථාව කුඩා වුවද භාවිතා කිරීමට උත්සාහ කළ යුතු බව ඔහු පැවසීය.
popular news
අගුළු දැමූ නිවසකින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නරක්වු මළ සිරුර සොයා ගැනේ
උඩරට දුම්රිය ප්‍ර වේශ පත්‍ර අන්තර්ජාලයට නිකුත් කර තත්පර 42න් විකිණී අවසන්
සමෘද්ධි නිලධාරීන් 363 ක් ව්‍යාජ සහතිකවලින් පත්වීම් අරන්
ලොකු ලොකු මන්ත්‍රීලට ආදර්ශයක් දුන් ඇල්පිටියේ පොඩි මන්ත්‍රි
මධ්‍යම පළාතේ ළමුන් 30ට අඩු පාසල් 283ක්
තද වැසි පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd