වසර 34 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් රියර් අද්මිරාල් විජිත මැද්දෙගොඩ අද (2020 දෙසැම්බර් 04) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදි.
අද දින සිට විශ්‍රාම යනු ලබන රියර් අද්මිරාල් විජිත මැද්දෙගොඩ ජ්‍යේෂ්ඨ නිලධාරියාගේ 55 වන උපන් දිනයද අද දිනට යෙදී තිබූ අතර, ඒ වෙනුවෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ඇතුළු නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල්වරුන් විසින්, රියර් අද්මිරාල් විජිත මැද්දෙගොඩ වෙත උපන් දින සුභපැතුම් පිරිනමන ලදි.
අනතුරුව විශේෂ සම්මාන මුරයක් මගින් උත්තමාචාරය පුද කර සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු, නාවික හමුදා මූලස්ථානයෙන් පිටත්ව යන ලදි.
1986 වර්ෂයේදී නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් විජිත මැද්දෙගොඩ, සිය සේවා කාලය තුල, නියෝජ්‍ය අධ්‍යක්ෂක නාවික සැපයුම්, අධ්‍යක්ෂක නාවික විදේශ මිලදී ගැනීම්, අධ්‍යක්ෂක නාවික ඒකාබද්ධ සැපයුම් කළමනාකරණ පද්ධතිය, අධ්‍යක්ෂක නාවික අය වැය, නාවික ලේකම්, කොමදෝරු අධිකාරී සැපයුම්, අධ්‍යක්ෂක නාවික වැටුප් හා විශ්‍රාම වැටුප්, අධ්‍යක්ෂක නාවික සැපයුම් සහ අධ්‍යක්ෂක ජෙනරාල් නාවික අය වැය සහ මුදල් ආදී ප්රමුඛ නිලතලද දරමින් කටයුතු කල කීර්තිමත් නිලධාරියෙකි.












