රන්වන් හා සුදු පැහැති වර්ණ දෙකකින් යුත් මීමින්නෙකු නාත්තන්ඩිය තබ්බෝව ප්‍රදේශයේදී ගම්වැසියන්ට හමුව පුත්තලම වන ජීවි දිස්ත්‍රික් කාර්යාලයට භාර දිමට කටයුතු කර තිබේ.
පුත්තලම දිස්ත්‍රික් සහකාර වනජීවි අධ්යක්ෂ කාර්යාලයේ අඩවි ආරක්ෂක සංජීව විරකොන් මහතා පවසා සිටියේ මෙම මී මින්නා කිසියම් ජාන විකෘතියක් හේතුවෙන් වර්ණ වෙනස් වීමකට ලක්වි ඇති බවත් ඒ නිසාම මීමින්නාගේ සැබැ වර්ණය වෙනුවට මෙම වර්ණය ලැබි ඇති බවට විශ්වාස කරන බවයි .
කිලෝ හතරකට ආසන්න බරකින් යුත් මෙම මීමින්නා අඩියයි අගල් 6ක් පමන උසකින් ද අඩි දෙකකට ආසන්න දිගකින් ද යුත් බව කියයි.
වනජීවි නිළධාරින් පවසන්නේ මෙම සතා වනජීවි පශු වෛද්‍ය නිළධාරින්ගේ අධික්ෂණයට ලක් කිරිමේන් පසුව කිසියම් ස්ථානයකට මුදා හරින්නේද නැතිනම් සත්ව උද්‍යානයකට භාර දිමට කටයුතු කරන්නේද යන්න පසුව තීරණයට ලක් කිරිමට නියමිත බවයි.






