කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ගමන් ගනිමින් තිබූ ශ්‍රී ලංකා යුද හමුදාවට අනුබද්ධිත පෞද්ගලික බස් රථයක්, වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයේ මැද ඇති ආරක්ෂිත වැටේ ගැටී ඊයේ (10දා) රාත්‍රී සිදුවූ අනතුරකින් එහි රියදුරු බරපතල තුවාල ලබා ඇති අතර බස් රථයට දැඩි හානි සිදුව තිබේ.
බස් රථය , මගීන් නොමැතිව, කොළඹ සිට කටුනායක දෙසට පදවාගෙන පැමිණෙමින් සිටියදී රාත්‍රී 10.05 ට පමණ කිලෝ මීටර් 24.7 සහ කිලෝ මීටර් 24.9 අතර කටුනායක පොලිස් බල ප්‍රදේශ සීමාවේ දී මෙම අනතුර සිදු වී තිබේ .
රියැදුරු මීගමුව මහ රෝහලේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පසුවේ. මෙම අනතුර නිසා අධිවේගී මාර්ගයට සිදු වී ඇති අලාභය කොපමණ ද යන්න මේ වනවිට ගනනය කරමින් පවතින බව මේ පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරන පොලීසිය ප්‍රකාශ කර සිටී.



